මුදල් ඇමති බැසිල් ; මහින්දට ප්‍රතිපත්ති සම්පාදන සහ සැලසුම් ක්‍රියාත්මක කිරීම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වූ බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති ධුරයේ දිවුරුම් දුන් බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කොට ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිපත්ති සම්පාදන සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ඇමතිවරයා ලෙස දිවුරුම් දී තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීම ද කතානායක තුමා ඉදිරියේ  මීට සුළු මොහොතකට පෙර සිදු කොට  තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *