රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ මානව අයිතිවාසිකම් පෙත්සම් විභාගය නිරීක්ෂණය කරන්න අන්තර් පල්ලිමේන්තු සංගමයෙන් ඉල්ලීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත් අඩංගුවේ තබා ගැනීමට එරෙහිව ඒ මහතා ඉදිරිපත් කොට ඇති මානව අයිතිවාසිකම් පෙත්සම් විභාගය නිරීක්ෂණයට පහසුකම් ලබා දෙන ලෙස අන්තර් පාර්ලිමේන්තු සංගමය අග විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත.

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මානව හිකිකම් කමිටුවේ ප්‍රධාන ලේකම් මාටින් චුන්ගොන් මහතා විසින් මෙම ඉල්ලීම අගවිනුසුරුවරයා වෙත යොමුකොට ඇත. පෙත්සම් විභාගය තම නීතිඥයාට අන්තර්ජාලය ඔස්සේ, මාර්ගගත ක්‍රමයට නිරීක්ෂණය කිරීමට පහසුකම් ලබා දෙන ලෙස එම ඉල්ලීම සිදුකොට තිබේ.

ඕස්ට්‍රේලියානු ජාතික රාජ නීතිඥ මාක් ට්‍රොවෙල් මහතා අන්තර් පාර්ලිමේන්තු සංගමය වෙනුවෙන් නඩුව නිරීක්ෂණය කරනු ඇති බව එම ඉල්ලීමේ සඳහන් ය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ද අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සාමාජිකත්වය දරයි.

එම සංගමය මෙම ඉල්ලීම සිදු කොට ඇත්තේ ඉහත නඩු විභාගයෙන් විනිශ්චයකාරවරුන් හතර දෙනෙකු වරින් වර  ඉල්ලා අස්වීමෙන් පසුව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *