“ශ්‍රී ලංකා” වෙන්න වෙල්ගමට ඉඩ දෙන්න බැරි බව දයාසිරි මැතිවරණ කොමිසමට දන්වයි

“අපි ශ්‍රී ලංකා” නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට කුමාර වෙල්ගම මහතා  කර ඇති ඉල්ලීමට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අද මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

කුමාර වෙල්ගම මහතා ‘‘අපි ශ්‍රී ලංකා“ නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට කටයුතු කරමින් සිටින බව ද එමගින්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අගතියක් විය හැකි බව ද දයාසිරි ජයසේකර මහතාගේ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අපි ශ්‍රී ලංකා යන නාමයන් දෙකම එක හා සමාන බවක් පෙනෙන බව ද එම නිසා  කුමාර වෙල්ගම මහතාගේ නව පක්ෂයේ නාමය වෙනස්විය යුත් බව ද දයාසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිසමට කර ඇති පැමිණිල්ලේ තව දුරටත් සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *