රටට චන්ඩි කතා කියන මහින්ද මහ දෙන්නා සමග ඩීල් කතාවල

තම කණ්ඩායම රජයට විරුද්ධ බවත් එයට සහය නොදෙන බවත් රටට චන්ඩි කතා කියන මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් වෙන වෙනම හමුවී ඩීල් කතාවල  යෙදී ඇති බව වාර්තාවෙයි . අගමැතිතුමාගේ චීන ගමනට පෙර එතුමා හමුවී කතා බහ කල මහින්ද පසුගිය සතියේ ජනාධිපතිතුමා හමුවී සාකච්චා කළේය .මෙහිදී මතුපිටින් සාකච්චා කළේ තම ආරක්ෂාව හා ව්‍යවස්ථා සංශෝධනයට සහය දීම ගැන වැනි කරනා  වුවද තම පවුලේ උදවියට හිරිහැර නොකරන ලෙස ඉල්ලීමටද හිටපු ජනාධිපතිවරයා අමතක කොට නැත .

රාජපක්ෂ මහතා රජයේ නායකයින් දෙදෙනා සමග සාකච්චා කරන අතර එම පවුලේ උදවියට එරෙහිව ක්‍රියාත්මක අපරාධ පරීක්ෂණ නවතා  දමන ලෙස ඉල්ලීම් කිරීමට ආණ්ඩුවේ සිටින ඔහුට හිතවත් පිරිසක් මෙහෙයවන බවද අපගේ ආරංචි මාර්ග කියයි . ඇතැම් අත් අඩංගුවට ගැනීම් කල් යමින් පවතින්නේ මෙම බලපෑම් නිසා බව ද කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *