කොවිඩ් නීතියෙන් රැස්වීම් උද්ඝෝෂණ තහනම් ! කොතලාවල ආරක්ෂක විද්‍යාල පනත සම්මතයට සියල්ල සුදානම් !

මහජනයා වැඩි වශයෙන් ඒකරාශිවන පොදු රැස්වීම්, උද්ඝෝෂණ, වැනි ක්‍රියාකාරකම් නැවත දැනුම් දෙනතුරු තහනම් කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

මෙම තහනම ක්‍රියාත්මක කොට ඇත්තේ කොවිඩ් 19 වසංගතයට මුහුණ දීමට ක්‍රියාත්මක කොට ඇති නිරෝධායන නීති උපයෝගී කොටගෙනය

මෙවැනි ක්‍රියාකාරකම් තුළින් කොවිඩ් කොවිඩ් රෝගය පැතිරයාමේ විශාල අවදානමක් පවතින බැවින් මෙම ක්‍රියා මාර්ග ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම නියෝගය නොකතා උද්ඝෝෂණ හා රැස්වීම් කරන පුද්ගලයන්ට එරෙහිව නීරෝධායන නීතිය යටතේ ක්‍රියා කරන බවද පොලිස් මුලස්ථානය වැඩිදුරටත් පවසයි.

කොවිඩ් වසංගතය නොමැති කාලයේ නම් මෙබඳු තහනමක් ක්‍රියාත්මක කිරීමට හදිසි නීතිය පැනවිය යුතු වීය. එය පාර්ලිමේන්තුවෙන් අනුමත විය යුතු ය.

කොවිඩ් තත්ත්වය නිසා එබඳු කිසිදු නීතියකින් තොරව ක්‍රියා කිරීමට ආණ්ඩුවට ඉඩ ලැබී ඇත.

අනිද්දා (8 දා ) පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා කොතලාවල ආරක්ෂක විද්‍යාල පනතට එරෙහි විරෝධතා ද මේ නිසා තහනම් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *