බැසිල්ට පාර්ලිමේන්තු එන්න ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා ඇස් වූ බව එම පක්ෂ්යේ ආරංචි මාර්ග කියයි.

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු පැමිණීමට අවස්ථාව සලසමින් මෙම ඉල්ලා අස්වීම සිදු වී තිබේ.

ඒ අනුව කලින් වාර්තා වූ පරිදි ජුලි 8 දා , අනිද්දා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දෙනු ඇත.

ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රතිරූපයට හානි වන ප්‍රචාරක ව්‍යාපාර නවත්වන ලෙස සහ වෙනත් පක්ෂවල නායකයින්ට පහර දීමෙන් වලකින ලෙස පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බව ද වාර්තා වෙයි.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණීමේ දී ඇතිකරගත් එකඟතා අනුව මෙම උපදෙස් දීම සිදු වී ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *