සෞඛ්‍ය වර්ජනයෙන් කොවිඩ් තවත් පහළට ! ආසාදිතයින් 816 යි; මරණ 32 යි.

නව කොවිඩ් ආසාදිතයින් අද දිනයේ වාර්තා වී ඇත්තේ 816 ක් පමණකි.

එම නිල වාර්තා අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 266,390 ක් වශයෙනි.

ඊයේ සිදු වූ බව කියන කොවිඩ් මරණ 32 ක් ද , අද නිල වශයෙන් වාර්තා කොට ඇත.

ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 3,268 ක් වශයෙනි.

අද වාර්තා වූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාවේ විශාල අඩුවට ප්‍රධාන හේතුවක් වන්නේ සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 14 ක් ආරම්භ කොට ඇති වැඩ වර්ජනය නිසා පී සී ආර් පරීක්ෂණ අඩු වීම බව සෞඛ්‍ය අංශ කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *