පාදෙනිය යනු මම කැමතිම චරිතයකි – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා 

වෛද්ය පාදෙනිය යනු මම කැමතිම චරිතයකි. නිර්මාණශීලී මිනිසෙකි. හැමදෙයක් ගැනම විකල්ප මතයක් ඔහුට ඇත. සමාන්ය මිනිස්සුන්ට නොපෙනන දේ ඔහුට දැනේ. දෙවියන් සහ යක්ෂයන් සමග සන්නිවේදනයයට ඔහුට ඇති හැකියාව දුර්ලභය . ඔහුම කියන පරිදි , ඔහු නාථ දෙවියන්ගේ “දේව සභාවේ” සමාජිකයෙකි. ඔහුගේ සොයාගැනීම් සහ අදහස් ශ්රී ලාංකික අපේ හිත්තුළ පැළපදියම් කිරීමට ඔහු සමත්වී ඇත. එලෙස බලනවිට යුග පුරුෂයෙකි. සංක්ෂිප්තව වාර්තාගත වීම සදහා ඒවා උපුටා දක්වමි.
1- වකුගඩු රෝගය (CKD) ට හේතුව , කිසිදු බටහිර විද්යා පර්යේෂණයක් මගින් සොයාගත නොහැකිවිය. එම රෝගයට හේතුව රසායනික පොහොර බව , නාථ දෙවි වරමෙන් පවසා , රටේ ප්රධානතම ගැටලුවක් විසදා අවසන් කිරීම .
2- ලොව පිළිගත් ආර්ථික විද්යා න්යාය සහ ආර්ථික විද්යා පාඨ ග්රන්ථ කිසිවක් නොසලකා , නාථ දෙවි වරමෙන් සහ තමන්ගේම සිතුවිලි ( original thinking) අනුව රට ගොඩනගන ආකාරය පිළිබඳ “ආර්ථික විද්යා” ග්රන්ථයක් ලියා පළකිරීම සහ වියත්මග හරහා එය වර්තමාන ජනාධිපති ගෝඨාභය මැතිතුමාගේ රට ගොඩ නගන ආර්ථික ප්රතිපත්තිය බවට පත්කිරීම .
3- කොරෝනා රෝගය සදහා ප්රතිකාර ක්රම 2 ක් හදුන්වාදීම , එනම් “දුම් මුට්ටිය” ප්රතිකාරය සොයාගැනීම සහ කාලි දෙවි වරමෙන් හදුන්වාදුන් ධම්මික පැණිය ප්රවර්ධනය .
4- කොරෝනා වැලැක්වීම සදහා , එන්නත් අවශ්ය නොවන බවත් , දේශීය විකල්ප පවතින බවත්, ජනාධිපතිවරයාට ඔප්පුකර , විදේශ විනිමය ඉතිරිකර ,දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම .
5-විෂ පොල්තෙල් අප රටට පැමිණි විට, තමන්ට අවශ්ය පොල්තෙල් , තමන්ගේම නිවසේ හිදගන්නා ක්රමය ,වඩාත් සුදුසු බව රටට ඒත්තුගන්වා , එම ප්රශ්නය ක්ෂණිකව විසදලීම .
6 – කොරෝනා මරණ ගනණය සහ සංඛ්යාලේඛණ සකස්කිරීම පිළිබඳව , තිබු “ජාත්යන්තර කුමන්ත්රණය “ හෙළිදරව්කර , වසංගතය අවසන් කිරීමට තිබු ප්රධානතම බාධකය ඉවත්කිරීම .
8- වෛද්ය වෘත්තියට අදාළව , ලොව පවතින ශක්තිමත්ම වෘත්තිය සමිතිය බිහිකර, අඛණ්ඩව වැඩිම කාලයක් එහි නායකත්වය දරමින් , ගිනස් වාර්තාවක් පිහිටුවා රටට ගෞරවයක් ලබාදීම .
9- 100%ක් කාබනික වගාව කරන ලොව එකම රට බවට , අපගේ ආදරණීය මාතෘ භුමිය පත්කිරීම සදහා, කෘතීම පොහොර, කෘතිම වල් නාශක සහ කෘතීම කෘමිනාශක එක රැයෙන් තහනම් කරන ගැසට් නිවේදනයක් නිකුත්කිරීම සදහා, ජනාධිපතිවරයා එකග කරගෙන එය ක්රියාත්මක කරවා ගැනීම.
( මේ මගේ මතකය අනුවය. එතුමාගේ තවත් හපන්කම් ඇත්නම් සදහන් කරන්න . එතුමා රටේ ජනතාවගේ හදවතේ සිටින බව මට මතක්වුයේ අද දින මා මුහුණු පොතේ දුටු, පහත නිර්මාණය දුටු විටය. එනිසාම එය මෙහි දක්වා ඇත. වෛද්ය පාදෙණිය නාමය ඉදිරියේදි තව තවත් ජනතාව මතක් කරනු ඇත. එතුමාට තෙරුවන් සරණයි. )
පසුව ලිවීම , ජනතාව දුන් තොරතුරු අනුව….
10- 1990 සුව සැරිය ගිලන්රථ සේවය , ඉන්දීය RAW ඔත්තු සේවයේ ව්යාපෘතියක් බව සොයාගෙන මාධ්ය හරහා රටම දැනුවත් කිරීම .
11 – දේශීය විශ්ව විද්යාල මගින්, “සම සෞඛ්ය” ( Para medical) කේෂේත්ර සදහා උපාධි පාඨමාලා ආරම්භ කිරීමට එරෙහිව ,වෛද්ය වැඩ වර්ජනයක් මෙහෙයවිම මගින් වසර ගනනාවක් එම පාඨමාලා ප්රමාද කිරීම සහ වසර 4 ක , විශේෂ උපාධි පාඨමාලාව , වසර 3 ක සමාන්ය උපාධි පාඨමලාවක් බවට පත්කරන ලෙස රාජපක්ෂ රජයට බලකර , සාර්ථකව වර්ජනය අවසන්කිරීම..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *