|

චීන ණය පමණක් ‘ණය උගුල්’ වශයෙන් හඳුන්වන්ණේ ඇයි? – කීර්ති ගොඩිගමුව


 

සාමාන්‍යායෙන් ලෝකයේ  පවතින ණය ලබා දීමේ  සහ ගැනීමේ ක්‍රමවේදය  වන්නේ  දෙපාර්ශවය එකඟ වන පොලී අනුපාතයක් මත සහ නිෂ්චිත කාල වකවානුවක් තුළ ආපසු ගෙවීමේ එකඟත්වය මත එම  මුදල ලබා දීමයි.

එසේ  ලබාදෙන මුදල් සඳහා ආරක්ෂාවක් අවශ්‍ය නිසා වටිනා යමක් ඇපයට තබා ගැනීම සරල ම සහ පැරණි ම ක්‍රමයයි.

බැංකු ක්‍රමයේ  දියුණුව මත  මෙම මූලික සංකල්ප පදනම් කරගෙන නමුත්  විද්‍යාත්මක ක්‍රම  මත පදනම් වූ අගැයීම් ක්‍රමවේද භාවිත කරමින් ණය ක්‍රියාවලිය  වර්තමානයේ  ඉතා දියුණු මටීටමකට වර්ධනය වී ඇත.

මෙහි දී එම ණය මුදල් වල ආරක්ෂාව සහතික කිරීම සඳහා ද්‍රව්‍යමය වත්කම් ඇපයට තබාගැනීම වෙනුවට ඒ සඳහා ස්ථිර තැන්පතු, රක්ෂණ සහතික, හෝ  සමාගම් කොටස් හෝ ආදිය භාවිත කිරීම සිදු කෙරේ.

ණය ආපසු ගෙවීමේ  හැකියාව සෙයා බැලීම ද, ඒ සමගම සලකා බලනු ලබන කාරණයකි. එහි දී පුද්ගලික වුව ද, සමාගමක් වුව ද, සැලකිල්ලට ගනු ලබන්නේ  එම ණය මුදල යොදවන ව්‍යාපෘතියේ ප්‍රතිලාභ  සහ එම ණය  ආපසු අයකර ගැනීමේ ශක්‍යතාවය යි.

ජාත්‍යන්තර මට්ටමේ ණය ගනුදෙනු වල දී ද, මුලික වශයෙන් සැලකිල්ලට ගනු ලබන්නේ මෙම මූලික සංකල්ප වන අතර එයින් බැහැර වීමක් දක්නට නොලැබෙයි.

ජාත්‍යන්තර  බැංකුකරණයේ දී රාජ්‍යයන්ගේ විවිධ අවශ්‍යතා වලට මෙන් ම  විශාල ව්‍යාපෘති  සඳහා ද රජයන්ට පමණක් නොව පුද්ගලික අංශයට ද ණය දීම සිදුකරනු ලබයි.

මෙහි දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි ආයතන රාජ්‍යයන්ගේ  මූල්‍ය ස්ථාවරත්වය නඩත්තු කිරීම ආදී ප්‍රමුඛතා සඳහා සීමා වෙන අතර ආසියානු සංවර්ධන බැංකුව (ADB), ජපාන ආර්ථික සහයෝගීතා ඒජන්සිය(JICA), ජර්මානු සංවර්ධන බැංකුව (KfW) වැනි බැංකු විශාල ව්‍යාපෘති සඳහා මුල්‍ය  දායකත්වය සපයයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි ආයතන රාජ්‍යයන්ට  ණය දීම සඳහා යම් නිර්නායකයන් කීපයක් සලකා බලනු ලබයි.

මෙහිදී විශේෂයෙන් සලකා බලන්නේ ණය ආපසු ගෙවීමට ඇති හැකියාවයි (මෙයට එම රටවල ණය ගෙවීමේ ඉතිහාසයද අයත් ය)

ඒ සඳහා ඔවුන් ජාත්‍යන්තර  නිරීක්ෂණ ආයතන වල ශ්‍රේණිගත කිරීම් මෙන් ම අදාළ රටවල සම්පත් භාවිතයේ, නිෂ්පාදන ක්‍රියාවලියේ , බදු අයකර ගැනීමේ  සහ මුල්‍ය කළමනාකරණයේ  කාර්යක්ෂමතාව ද  සලකා  බලනු ලැබේ.

ඔවුන්ගේ  එම නිර්නායක වලින් පිට පැන කටයුතු කළහොත් අදාළ රටවලට සපයන ණය කපා හැරීම හෝ නිර්නායක වලට අනුකූල වනතුරු ප්‍රමාද  කිරීම සිදු කරනු ලබයි.

ඉහත කී අනිකුත් බැංකු විශාල ව්‍යාපෘති සඳහා මුල්‍ය පහසුකම් සපයන අතර ඔවුහු ද ඒ සඳහා මූලික ණය දීමේ  සංකල්ප මත පිහීටා කටයුතු කරති. සුරැකුම් වශයෙන් රාජ්‍ය සහතිකය (Sovereign Guarantee) හා වියදම් හා ප්‍රතිලාභ           ( මුල්‍ය ප්‍රතිලාභ පමණක් නොව අනෙකුත් ප්‍රතිලාභ සහ බාහිරතා ද ඇතුළුව –  Cost Benifit Analysis including Externalities ) ආදිය ගණනය කර එම ශක්‍යතා  අනුව පමණක් ණය අනුමත කරනු ලබයි.

එනම්, එම බැංකු බොහෝ සෙයින් ගැඹුරට  කරන තත්ත්ව  පරීක්ෂාවකින් පසුව පමණක් ණය අනුමත කරන ආයතන ලෙස සැලකිය හැකිය.

මෙම ආයතන වල විශේෂත්වය වන්නේ එහි දී ක්‍රියාත්මක කරන ක්‍රමවේදය යි. මෙම ආයතන ධනවාදී ආර්ථික න්‍යාය  මත පිහිටා ස්වාධීනව කටයුතු කිරීම ඒවායේ විශේෂත්වය යි. ඒ අනුව එම ආයතන වලින් ණය ලබාගත හැක්කේ  ධනවාදී විධික්‍රම අනුව ක්‍රියා කිරීමට  කැමති සහ එය අනුමත කරන රටවල් වලට පමණකි. මෙම ණය දීමේ දී බොහෝ සොයා බැලීම් කළ ද ඒවා සංවර්ධන ණය වශයෙන් ලබා දෙන නිසා  දිගු සහන කාලයක්(අවු 10-12), අඩු පොලී අනුපාතයක් සහ දීර්ඝ ආපසු ගෙවීම් කාලයක් (අවු 40 පමණ) ඒවාට හිමිවෙයි. මෙම ණය යටතේ උපදේශනය, භාන්ඩ සැපයීම්, ශ්‍රමය සහ විවිධ සේවා දේශීය වශයෙන් සැපයීමට අවකාශ ඇති හෙයින් මෙම ව්‍යාපෘති සමගින් විදේශ විනිමය සමඟින් තාක්ෂණය ගලා ඒම ද සිදු වෙයි.

එහෙත් චීන බැංකුවල ක්‍රියාකාරීත්වය  මීට වඩා වෙනස් ය. චීන බැංකු එරට දේශපාලන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන බැවිනුත් විශාල චීන ව්‍යාපාර රජයට සම්බන්ධ බැවිනුත් චීන ණය පැකේජ වශයෙන් සැපයීම් සහ ඉංජිනෙරුමය කාර්යයන් ද අඩංගු කර ඇති බැවින් ඒවා පැමිනෙන්නේ  ඊපීසී (Engineering Procurement and Construction) නැමැති ක්‍රමවේදය සමගින්ය.

චීන බැංකු එරට දේශපාලන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන බැවිනුත් විශාල චීන ව්‍යාපාර රජයට සම්බන්ධ බැවිනුත් චීන ණය පැකේජ වශයෙන් සැපයීම් සහ ඉංජිනෙරුමය කාර්යයන් ද අඩංගු කර ඇති බැවින් ඒවා පැමිනෙන්නේ  ඊපීසී (Engineering Procurement and Construction) නැමැති ක්‍රමවේදය සමගින්ය.

එබැවින් යම් රටක අවශ්‍යතාවය ඔවුනට දැන්වූ පසු ඔවුන් ඒ සඳහා සම්පූර්ණ විසඳුමක් ඉදිරිපත් කරනු ඇත. එහි දී වෙනස පවතින්නේ  ණය ලබාගන්නා රටේ  කිසිවෙකුගේ  (දේශපාලකයන් හැර) සම්බන්ධයක් නොමැතිව ඔවුනට එම ව්‍යාපෘති අවසන් කොට භාර දීමට හැකි වීමයි. මෙම ව්‍යාපෘති සඳහා ඔවුන්ට යන්ත්‍ර සුත්‍ර වල පටන් ශ්‍රමය දක්වා සියලු දේ  චීනයෙන් ගෙන ඒමට හැකියාවක් ඇත. මෙම ක්‍රමය යටතේ ව්‍යාපෘති සිදුකිරීමට කිසිදු කොන්දේසියක් අවශ්‍ය නොවන බැවින් ද මේ  සම්බන්ධව රටවැසියන්ගේ  සම්බන්ධයක් නොවන  බැවින් ද රජයන් දෙකක් අතර සිදුවන ගනුදෙනුවක් ලෙස එය සිදු කළ හැකි ය.

එසේ නම් ණය උගුල් ඇතිවන්නේ කෙසේ ද ?

ශක්‍යතා වාර්තා අවශ්‍ය නොවන ව්‍යාපෘති ණය ලබාගත හැක්කේ  චීනයෙන් පමණකි. ශක්‍යතා වාර්තා නොමැති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් සිදුවන්නේ එම ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ගැන සහතිකයක් නොමැති වීම යි.

චීන ණය පොලිය  අධික වානිජ ණය බැවින් ඒවායේ  සහන කාලය කෙටිය(අවු 3-4 පමණ). එම කාලය තුළ දී ණයට ගත් මුදල සඳහා පොලියත් ඉන්පසු පොලිය සමඟ වාරිකයත් සාමාන්‍යයෙන් අවු 10-15 අතර කාලයක දී  ගෙවා නිම කළ යුතු ය. ව්‍යාපෘතිවල ප්‍රතිලාභ අඩු නම් හෝ නොමැති නම් හෝ ණය පොලිය සහ වාරික ගෙවීමට සිදු වන්නේ රටේ අනෙකුත් ආදායම් සහ අරමුදල් වලින් ය.

චීන ණය පොලිය  අධික වානිජ ණය බැවින් ඒවායේ  සහන කාලය කෙටිය(අවු 3-4 පමණ). එම කාලය තුළ දී ණයට ගත් මුදල සඳහා පොලියත් ඉන්පසු පොලිය සමඟ වාරිකයත් සාමාන්‍යයෙන් අවු 10-15 අතර කාලයක දී  ගෙවා නිම කළ යුතු ය. ව්‍යාපෘතිවල ප්‍රතිලාභ අඩු නම් හෝ නොමැති නම් හෝ ණය පොලිය සහ වාරික ගෙවීමට සිදු වන්නේ රටේ අනෙකුත් ආදායම් සහ අරමුදල් වලින් ය.

මෙවැනි ක්‍රමවේදයක් තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘති ගැන කිව හැක්කේ ඒවායේ ශක්‍යතාවය අඩු බවත්, ඒවා ක්‍රියාත්මක වන්නේ දේශපාලන අධිකාරියේ අවශ්‍යතා අනුව මිස ජනතා අවශ්‍යතා අනුව නොවන බවත් ය.මේවායේ ගනුදෙනු විනිවිද භාවයෙන් තොර  බැවින් ජනතාවට දැනගන්නට ලැබෙන්නේ  රට ණයට ගත් මුදල ගැන පමණකි. ලබාගත් ණයෙන් සත්‍ය වශයෙන් ව්‍යාපෘතියට වැය වු මුදල පිලිබඳ තොරතුරු  ජනතාවට දැනගන්නට ලැබෙන්නේ  නැත. එලෙස ක්‍රියාත්මක වන ව්‍යාපෘති වල වියදම, එනම්, ණයට ගත් මුදලේ පොලී  සහ වාරික ගෙවීමට ප්‍රමාණවත්  ආදායමක් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් නොලැබෙන බැවින් ඒවා ගෙවා දැමීමට සිදු වන්නේ රටේ ඇති අනෙකුත් ආදායම් වලිනි. එසේ අනෙකුත් ආදායම් මාර්ග දුර්වල රටවල ගෙවන්නට මුදල් නොමැති වූ විට ඒ වෙනුවට එම ව්‍යාපෘතිය ඔවුන්ට ම විකිණීමට හෝ එසේ අකමැති නම්  වෙනත් වත්කමත් හිලවුවට දීමට හෝ  සිදු වෙයි.

කෑදර පාලකයන් සිටිනා රටවල් තෝරාගෙන සුදු අලි ව්‍යාපෘති සඳහා මෙම ණය දීම සිදුකරන බැවින්, එම පාලකයින් අතහැර, චීනය දෙසට පමණක් ඇඟිල්ල දිගු කිරීම සාධරණ  නැති වුවත්, මෙම ක්‍රියාදාමය හැඳින්වීමට ලෝක  ජනතාව භාවිත කරන්නේ “ චීන ණය උගුල්” යන යෙදුම  යි.

කීර්ති ගොඩිගමුව

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *