‘‘ආණ්ඩුවට ඇති ප්‍රශ්නය පොහොර රසායනික වීම නොවේ‘‘ – එජාප නායක රනිල් වික්‍රමසිංහ

ලංකා ආණ්ඩුවට දැන් තිබෙන ඇත්ත ප්‍රශ්නය විදේශ විනිමය හිඟවීම මිස පොහොර රසායනික වීම නොවේ යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කාබනික පොහොර පමණක් භාවිත කිරීමේ ප්‍රතිඵලය නිෂ්පාදනය අඩුවීම බව කී වික්‍රමසිංහ මහතා එම අඩුව පිරිමසා ගැනීමට රටින් ගෙන්වන සහල් වලට යොදා ඇත්තේ කුමන පොහොරදැයි ප්‍රශ්න කළේය.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සංවාදයක දී මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසූයේ ලෝකයේ කාබනික පොහොර භාවිත කරන්නේ කෘෂිකර්මාන්තයට යොදවන ඉඩම් වලින් සියයට 1.5 ක පමණක් බවයි.

අංජුල මහික වීරරත්න

ලංකාදීප

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *