කොවිඩ් මරණ 45 ක් ,අසාදිතයින් 1571 ක් අද වාර්තා වෙයි.

තවත් කොවිඩ් ආසාදිත මරණ 45 ක් සහ නව ආසාධිතයින් 1,571 ක් අද වර්තා  වී ඇත.

අද වාර්තා කරන ලද්දේ ඊයේ දිනයේ සිදු වී ඊයේ ම තහවුරු කරගත් මරණ 45 කි.

ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වාර්තා අනුව සටහන් වන්නේ 3,236 ක් වශයෙනි.

මෙරටින් වාර්තා වී ඇති සහ හඳුනාගනු ලැබූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව නිල වාර්තා අනුව මේ වන විට සටහන් වන්නේ 265,574 ක් වශයෙනි.

මේ අතර පළාත් අතර සංචරණ සීමා තවත් සති දෙකකින් දීර්ඝ කරන බව රජය අද නිවේදනය කළේ ය.

ඉදිරි දෙසතිය සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේස මාලාවක් ද අද නිකුත් කරනු ලැබී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *