ඇමති බන්දුලගෙන් තවත් වික්‍රමයක් ! කොවිඩ් මැද්දේ අපනයන ආදායම සියයට 31 කින් වැඩි කරගෙන !

කොවිඩ් වසංගතය පැවතිය ද මෙරට අපනයන අදායම සියයට 31 කින් වර්ධනය කරගත හැකි වූ බව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

මෙරටින් කෙරෙන භාණ්ඩ අපනයනය සියයට 32.6 කින් ද , සේවා අපනයනය සියයට 27.3 කින් ද වැඩි වී ඇති බව වෙළෙඳ ඇමතිවරයා ප්‍රකාශ කොට ඇත.

ඇමතිවරයා කියන්නේ මෙය අපනයන සංවර්ධන මණ්ඩලය ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් බවයි.

ඇමතිවරයා කියන්නේ පසුගිය වසරේ එනම් 2020 වසරේ මුල් මාස හයට සාපේක්ෂව මෙම වසරේ  මුල් මාස හයේ මෙම අපනයන වර්ධනය ලබාගෙන ඇති බවයි.

පසුගිය වසරේ මාර්තු 20 සිට ජුනි මස වනතෙක් කොවිඩ් වසංගතය නිසා මුළු රටම නිරෝධායන ඇඳිරි නීතියට යටත් කොට තිබිණී. මේ වසරේ වසංගත තත්ත්වය වඩා  දරුණු වුව ද , නිරෝධායන ඇඳිරි නීතියක් නොවූ අතර කර්මාන්ත ශාලාවලට වැඩ කිරීමට ඉඩ දී තිබිණි.

මේ අනුව නම් මෙම වැඩි වීම සියයට 31 ක් පමණක් වීම පුදුම විය යුතු තත්ත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *