කළු සල්ලි සුදු කරන්න ඉඩ දෙන නීතියක් ගෙනෙන බව ඇමති බන්දුල කියයි – ඩේසි ආච්චිගෙන් ලැබුණු මුදල් එලියට !

ශ්‍රී ලාංකිකයන් අයතා ලෙස උපයාගෙන ඇති සහ බදු දැලෙන් බේරීම සඳහා සඟවාගෙන සිටින කළු සල්ලි සුදු කිරීමට ඉඩ ලබෙන පනතක් ළඟදී ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ශ්‍රී ලාංකිකයින් දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් හෝ උපයාගෙන සඟවාගෙන සිටින කළු සල්ලි විවිධ ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට ඉඩ සැලසෙනු ඇත.

මෙහි දී මුදල ආයෝජනය කරන අවස්ථාවේ දී සියයට එකක නාමික බදු මුදලක් ගෙවිය යුතු වන අතර අතීතයේ නොගෙවූ බදු ගැන ප්‍රශ්න හොකරනු ඇත. මුදල් උපයාගත් ආකාරය පිළිබඳව ද ප්‍රශ්න කරනු නොලැබේ. ( සියලු මුදල් දේශි ආච්චිගෙන් ලැබුණු ලෙස සලකනු ලැබේ !!!)

මෙය රජය මුහුණ දී තිබෙන මුල්‍ය අර්බුදයට මුහුණ දීමේ පියවරක් ලෙස ගෙනෙන නීතියකි.

අතීතයේ දී  බොහෝ රටවල් මෙබඳු නීති ක්‍රියාත්මක කොට ඇතත්, දුෂණයට එරෙහිව දැන් ගෝලීය මට්ටමෙන් ක්‍රියාත්මක වන සම්මුතීන් අනුව මෙබඳු නීති පැනවීම පිටු දැක තිබේ.

කොළඹ වරාය කොමිසම් සභා පනත පිළිබඳව ද මෙරට ඇමෙරිකානු තානාපතිවරියගේ විරෝධය වුයේ එය කළු සල්ලි සුදු කරනස්ථානයක් වීමේ අනතුර ඇති බවයි.

එබැවින් ආණ්ඩුවේ මෙම නීතියට ද දේශීය වශයෙන් මෙන් ම ජාත්‍යන්තර වශයෙන් ද බලවත් විරෝධතා මතුවිය හැකි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *