කොවිඩ් අඩුවක්; මරණ 34 යි ; ආසාදිතයින් 1251 යි

අද වාර්තා කළ, ඊයේ සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 34 කි.

එම නිල වාර්තා අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 3,191 ක් වශයෙනි.

අද වාර්තා කොට ඇති නව ආසදිතයින්ගේ සංඛ්‍යාව 1,251 කි.

ඒ අනුව මෙරට සමස්ත ආසාධිත සංඛ්‍යාව සටහන් වන්නේ 264,046 ක් වශයෙනි.

එම නිල සංඛ්‍යා අනුව කොවිඩ් ව්‍යාප්තියේ අඩුවක් පෙන්නුම් කළ ද , වේගයෙන් පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය දිස්ත්‍රික්ක ගණනාවකින් හමු වී ඇති නිසා වඩාත් පරිස්සම් විය යුතු බව සෞඛ්‍ය අංශ කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *