බැසිල්ගේ ඉරණම ගැන රාජපක්ෂ පවුලේ සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් ! ගෝඨාගෙන් යහපත් ප්‍රතිචාරයක් නෑ!

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම ගැන තීරණයක් ගනු ඇතැයි අපේක්ෂා කළ රාජපක්ෂ පවුලේ අද පැවතී සාකච්ඡාව කිසිදු තීරණයකින් තොරව අවසන් වී ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිතුමාගේ මිරිහානේ නිවසේ දී මෙම සාකච්ඡාව පවත්වා  ඇත. ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා පවුලේ සියලු සාමජිකයෙන් මෙයට කැඳවා තිබුණේ දිවා  භෝජන සංග්‍රහයක් ද සුදානම් කරමින් ය.

අගමැති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයෝ මේ සඳහා එක්ව සිටියහ.

මෙහි දී බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු පැමිණීම ප්‍රධාන මාතෘකාව වනු ඇතැයි අපේක්ෂා කළ ද , ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ඒ ගැන කතා කිරීමට පවා එතරම් කැමැත්තක් දක්වා නැති බව කියති.

බැසිල් රාජපක්ෂ මහතා පැමිණිය හොත් ලබාදෙන ඇමති ධුරය කුමක් දැයි පවුලේ සාමාජිකයකු ප්‍රශ්න කළ ද ජනාධිපතිතුමා ඒ ගැන කිසිවක් කියා නැත.

මෙම තත්ත්වය මත බැසිල් රාජපක්ෂ මහතා ද කිසිවක් ප්‍රකාශ නොකොට නිහඬව සිට පිටව ගිය බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *