බැසිල්ගේ 8 දා පාර්ලිමේන්තු ගමන බකල් !

බැසිල් රාජපක්ෂ මහතා මෙම මස  8 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට කර තිබු සැලසුම ඒ අයුරින් ක්‍රියාත්මක නොවන බව අලුත් ම ආරංචි මාර්ග හෙළි කරයි.

ඒ මහතාට දිවුරුම් දීම සඳහා ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයකු ඉල්ලා අස් විය යුතු අතර ඒ සඳහා තවමත් කිසිවකු ඉදිරිපත් වී නැති බව කියති. බැසිල්ට ඉඩ දීමට ඉල්ලා අස් වන අය ලෙස නොයෙකුත් නම් මාධ්‍යයට නිකුත් වුව ද , ඒ සියල්ල අදාළ මන්ත්‍රීවරුන්ගේ කැමැත්තකින් තොරව ක්‍රියාත්මක වූ මාධ්‍ය මෙහෙයුම් පමණක් බව අපේ ආරංචි මාර්ග කියයි.

මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත්තේ, බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු එන දිනයක් තව ම තීරණය කොට නැති බව යි. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ඉල්ලා අස් වූ පසුව බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණෙන දිනය තීරණය වනු ඇති බව අගමැතිතුමා ප්‍රකාශ කොට ඇත.

මේ අතර පොහොට්ටුවේ ඇතැම් මැති ඇමතිවරුන් පසුගිය දිනවල කියන්නට පටන් ගත්තේ බැසිල් ආවත්, ඉන්ධන මිල අඩු කිරීමට හෝ පොහොර ප්‍රශ්නය විසඳීමට හෝ හැකියාවක් ඒ මහතාට නැති බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *