විනිමය පාලනයේ ප්‍රතිඵල එයි ; ඩොලර් කළු කඩයක් බිහිවෙයි ; මිල රුපියල් 240 යි

ශ්‍රී ලංකාවේ විනිමය පාලනය තව දුරටත් සීමා කරමින් බැංකු මගින් කෙරෙන වීදේශීය ගෙවීම් දැඩි පාලනයකට යටත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පෙරේදා නිකුත් කළ ගැසට් පත්‍රයත් සමග කොළඹ විනිමය කළු කඩයක් බිහි වී ඇති බවත්, ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 240 ක් දක්වා මිළ ඉහල ගොස් ඇති බවත්, වෙළෙඳපොළේ ආරංචි මාර්ග කියයි.

ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 125 සහ 130 අතර මිල ගණන්වලට මිල දී ගැනීම සිදුවන බවත්, විකුණුම් මිල 135 සහ 140 අතර වන බවත්, එම ආරංචි මාර්ග කියයි.

මේ අතර බැංකුවලින් විනිමය ලබා ගත නොහැකි වීමෙන් විදේශ වෙළෙඳ කටයුතුවල යෙදෙන ව්‍යාපාරිකයින් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව ද වාර්තා වෙයි.

කාලයක් තිස්සේ ගොඩ නගාගත් ව්‍යාපාරික සම්බන්ධතා බිඳ වැටෙන තත්ත්වයක් මේ නිසා උද්ගත වී ඇති බව ද ව්‍යාපාරිකයෝ  කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *