කාබනික වගාව එකවර කරන්න බෑ ; ගොවීන් දැඩි අර්බුදයක – පොහොට්ටු මන්ත‍්‍රී ෂාන් විජේලාල්

රට තුළ රසායනික පොහොර ආනයනය එක්වරම නතර කිරීම හේතුවෙන් ගොවියා දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා සඳහන් කරයි.

කාබනික වගාවකට රට සූදානම් කළ යුත්තේ ක්‍රමානුකූලව යැයි ද පවසන ඒ මහතා එය එක්වරම සිදුකිරීම හේතුවෙන් ගොවි අර්බුදයක් ඇති වීම වැළැක්විය නොහැකි යැයිද කියා සිටියේය.

කාබනික පොහොර භාවිතයෙන් වගාව පවත්වාගෙන යාමට හැකි නම් තමා මෙන්ම රටට ආදරය කරන සියලු දෙනා කැමැති බවත් පැවසූ ඔහු එනමුත් එය එකවර කළ හැකි දෙයක් නොවන බව බොහෝ දෙනෙකුගේ හැඟීම් වී ඇතැයි ද පැවැසීය.

ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගත්තේ රටවැසියාට ඇති ආදරය නිසා වුවත් එම වැඩපිළිවෙළ කළ යුත්තේ කාලානුරූප යයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

රට තුළ මේ මොහොතේ මතු වී ඇති ගොවි අර්බුදය ගැන අවධානය යොමු කර රජය ඒ පිළිබඳව යම් සහනදායී ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි විශ්වාස කරන බවද මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ අම්බලන්ගොඩ දී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලෙසයි.

lanka C news

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *