ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ ස්මාරක නඩුවේ ඉතිරි විත්තිකරුවන් හය දෙනාත් නිදහස්

ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ ස්මාරකයක් ඉදිකිරීම සඳහා කොටිතුනකට අධික රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පවරා තිබු නඩුවේ ඉතිරි විත්තිකරුවන් සය දෙනා ද නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මඩුල්ල අද තීරණය කළේ ය. මෙම නඩුවේ එක් විත්තිකරුවකු වූ ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීම නිසා ඔහුට එරහිව නඩුව පවත්වාගෙන යා නොහැකි බැවින් මීට පෙර නිදහස් කරනු ලැබී ය.

කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළ බවට ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟම එම නඩුවේ  චෝදනා ලැබ සිටි සෙසු විත්තිකරුවන් හය දෙනා ද විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද නිදහස් කරන ලදී.

අවභාවිතා කළ බව කියන රුපියල් කෝටි තුනකට අධික මුදල මේ වන විට හානිපූර්ණය කර ඇති බවට නාගරික සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී ඇති හෙයින් මෙම නඩුව තව දුරටත් පවත්වාගෙන යෑමේ අදහස් නැතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ දැනුම්දීමක් පිළිගනිමින් එම විත්තිකරුවන් නිදහස් කිරීමට විනිසුරු මඩුල්ල නියම කළේය.

මෙම නඩුව මහාධිකරණ විනිසුරුවරුන් වන චම්පා ජානකි රාජරත්න (සභාපති), දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන විනිසුරු මණ්ඩල හමුවේ කැඳවන ලදී.

එහිදී ඉදිරිපත් වූ කරුණු අනුව මෙලෙස නිදහස් කරන ලද්දේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියනආරච්චිගේ ප‍්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී භද්‍රා උදුලාවතී කමලාදාස, සුසම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, එම්.ඞී. මහින්ද සාලිය සහ එම්.ඒ. මල්ලිකා නමැත්තන්ය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *