අද කොවිඩ් මරණ 43 යි; ආසාදිතයින් 1815 යි

ඊයේ සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ, කොවිඩ් ආසාදිත මරණ 43 ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේ ය.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 3,120 ක් වශයෙනි.

රට තුළින් අද වාර්තා වී ඇති නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,815 ක් ලෙස නිල වශයෙන් වාර්තා කොට ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 260,904 ක් ලෙස නිල වශයෙන් සටහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *