කොළඹ විනිමය වෙළෙඳ පොළේ ඩොලරය රුපියල් 226 ට යයි ; මහ බැංකුවේ 202 යි ; ඒ මිලට ඩොලර් නෑ !

කොළඹ විනිමය වෙළෙඳපොළේ ඇමෙරිකානු ඩොලර් එකක් රුපියල් 225 -226 දක්වා මිලට මිල දී ගන්නා බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වාර්තා අනුව ඩොලරය ගැනුම් මිල රුපියල197 ක් සහ විකුණුම් මිල රුපියල් 202 ක් ලෙස සටහන් වන නමුත් එම මිලට ඩොලර් ලබාගත නොහැකි තත්ත්වයක් පවතින බව කියති.

වාණිජ බැංකුවල ද විශාල විනිමය හිගයක් ඇති බවත්, ආනයන කරුවන්ට අවශ්‍ය විනිමය ලබාගත නොහැකි බවත් කියති.

මැද පෙරදිග සිට පැමිණෙන ශ්‍රමිකයින්ට ගුවන්තොටුපලේ දී ඩොලරයක් සඳහා ගෙවන්නේ රුපියල් 197 කි. කෙසේ වෙතත්, කොළඹ විනිමය හුවමාරු ව්‍යාපාරිකයින්ගෙන් ඔවුනට ඩොලරයක් සඳහා රුපියල් 226 ක මිලක් ලබාගත හැකිවී ඇති බව තතු දත් වෙළෙඳපොළ ආරංචි මාර්ග වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *