කළු සල්ලි හංගන බැංකුවලටත් ලෙඩ වැටෙන ලකුණු

පානම ලේඛන ලෙස හැදින්වෙන කළු සල්ලි සැගවූ සමාගම් පිළිබද හෙළිදරවුවෙන් පසුව එම මුදල් තැන්පතු භාරගන්නා බැංකුවලට එරෙහිව පියවර ගැනීමේ ඉල්ලීම් වැඩි වැඩියෙන් ඉදිරිපත් වන බව බටහිර ජනමාධ්‍ය වාර්තා කරයි . පානම රාජ්‍යය කළු සල්ලි සැගවීමට ඉඩ දී තිබීම නිසා එරට අසාදු ලේඛන ගතකළ යුතු බවට යෝජනාවක් ප්‍රංස රජය විසින් එක්සත් ජාතින් වෙත ඉදිරිපත් කොට ඇති බවද වාර්තා වීය . එම ඉල්ලීමත් සමග වෙනත් රටවල් ද තම බැංකු වලට කළු සල්ලි ලබා නොගන්න ලෙස උපදෙස් දී ඇති බවද වාර්තා වීය .

රහසිගත ගිණුම් ගැන නම් දර සිටි ස්විට්සර්ලන්තය කළු සල්ලි ගැන පරිස්සම් වන ලෙස තම බැංකුවලට උපදෙස් දීම කැපී පෙනෙන සිදු වීමකි . කළු සල්ලිවලට එරෙහිව දැන් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ක්‍රියාවලිය හා සම්මුති මෙම තත්ත්වයට හේතු වී ඇති බව කියති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *