තවත් කොවිඩ් මරණ 47 ක් ; ආසාදිතයින් 1786 ක් අද වාර්තා වෙයි.

තවත්  කොවිඩ් මරණ 47 ක් රජය නිල වශයෙන් වාර්තා කොට ඇත. මෙම මරණ ඊයේ දිනයේ සිදු වී ඊයේ ම තහවුරු කරගත් මරණ බව වාර්තාවල දැක්වෙයි.

ඒ අනුව මේ රටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 3,077 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද අලුතින් වාර්තා කරනු ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,786 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 259,011 ක් වශයෙනි.

මේ අතර නිවෙස් තුළ මිය යන අයගේ පී සී ආර් පරීක්ෂණ නොකිරීමට රජය තීරණය කොට ඇත. මින් ඉදිරියට එම මරණ කිසිවක් කොවිඩ් මරණ ලෙස ගණනය නොකරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *