පාන් ගෙඩියක මිලත් රුපියල් දහයකින් ඉහළට

පාන් ගෙඩියක විකුණුම් මිල ලබන සතියේ සිට රුපියල් දහයකින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.

එයට හේතුව තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18 කින් ඉහළ ගොස් තිබීම යි.

මීට පෙර පාන් හැර අනෙක් සියලු බේකරි නිෂ්පාදන මිල රුපියල් 5 සහ 10 අතර ප්‍රමාණයකින් වැඩි කරනු ලැබී ය. ඒ ඉන්ධන මිල ඉහළ යාම නිසා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *