රටම ඕගනික් කිරීමේ යථාර්ථය !

රට තුල රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන් අත්හිටුවා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර හඳුන්වාදීමට රජය සැළසුම් කර තිබෙනවා. ඒ අනුව රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන් අත්හිටුවා ඇති අතර මෙරටට පැමිණි රසායනික පොහොර නෞකා කිහිපයක් ආපසු හරවා යැවූ බවටද පසුගිය කාලයේදී වාර්තා විය.

ඉන් අනතුරුව ආණ්ඩුව ප්‍රකාශ කළේ කාබනික පොහොර ආනයනය කරන බවයි. කෙසේ නමුත් කාබනික පොහොර ගෙන්වන මුවා‍වෙන් විදෙස් රටවල නාගරික කසල මෙරටට ගෙන්වීමට සූදානම් වන බවට චෝදනා එල්ලවීමත් සමග කාබනික පොහොර ආනයනයද අත්හිටුවීමට ආණ්ඩුවට සිදුවිය.

දැන් ආණ්ඩුව පවසන්නේ රටට අවශ්‍ය ‍ප්‍රමාණයට කාබනික පොහොර රටතුළම නිෂ්පාදනය කිරීමට සූදානම් බවයි.

පහත ඡායාරූපයේ දැක්වෙන්නේ රසායනික පොහොර යොදා නිෂ්පාදනය කර එළවලු සුලබව තිබියදී සම්පූර්ණ කාබනික පොහොර යොදා සකස් කළ එළවලු සඳහා මෙරට වෙළඳපොලේ පවතින මිල ගණන් සහිත බිල්පතකි. සාමාන්‍ය එළවලුවලට වඩා කාබනික එළවලු එසේ නැතහොත් ඕගනික් එළවලු අධික වටිනාකමකින් යුක්ත වන අතර එවැනි ආහාර භාවිතා කළ හැක්කේ මෙරට ජනගහනයෙන් ඉතා සීමිත ප්‍රතිශතයකට පමණි.

 

 

දැනට ඕගනික් එළවළු භාවිතා කරන්නේ කොළඹ නගරය ඇතුළු ප්‍රධාන නගරවල ජීවත් වන ඉහළ පන්තියේ පිරිසක් පමණි. එසේම ඕගනික් එළවලු අලෙවි කරන්නේද කොළඹ නගරය ඇතුළු නාගරික ප්‍රදේශවල පිහිටි සුපිරි වෙළඳසැල් පමණි.

එසේ තිබියදී මෙවැනි ඉහළ මිලකට රටේ සියලු ජනතාවට ඕගනික් ක්‍රමයට නිෂ්පාදනය කළ එළවලු පළතුරු ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගත හැකි යැයි සිතීමට තරම් බළධාරීන් අඳබාල තත්වයට පත් වන්නේ කෙසේද යන්න ගැටලුවකි.

රසායනික පොහොර භාවිතයෙන් වගා කරන එළවලුවලට වඩා කාබනික පොහොර භාවිතයෙන් වගා කරන එළවලුවල පිරිවැය ඉතා අධික වේ. ඊට හේතුව වැඩි මිනිස් පිරිවැයක් දැරීමට සිදුවීම සහ බීජවල වටිනාකමේ සිට වගාව සඳහා අවශ්‍ය සියලු දේවල මිල ඉහළ යාමයි. අනෙක් පැත්තෙන් කාබනික වගාවේ අස්වැන්නද රසායනික පොහොර භාවිතා කරන වගාවකට වඩා අඩුය.

ඒ අනුව දැනට රටේ ආහාර අවශ්‍යතාව සම්පුර්ණ කිරීම සඳහා වැඩි මිනිස් පිරිවැයක් දැරීමට මෙන් ම වැඩි ඉඩම් ප්‍රමාණයක් භාවිත කිරීමට ද සිදුවෙයි. කාබනික වගාව පිළිබඳව තීරණ ගත යුත්තේ මේ සියලු සාධක පිළිබඳව ව්මසා , දිගේ කාලීන වැඩ පිළිවෙළක් සහිතව මිස පොහොර ආනයනයට අවශ්‍ය ඩොලර් සංචිත නැති නිසා නො වේ

UN

LANKANEWSWEB

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *