ආණ්ඩුව පරීක්ෂණ අඩු කොට කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යා සාර්ථක ලෙස පාලනය කරයි !

ආණ්ඩුව පී සී ආර් පරීක්ෂණ විශාල ලෙස අඩු කර කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යා පාලනය කොට ඇති බව සෞඛ්‍ය සේවා අංශ කියයි.

වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියන්නේ මේ වන විට පරීක්ෂණ සංඛ්‍යාව දිනකට 7,000  දක්වා අඩු කොට ඇති බවයි. අද පවතින තත්ත්වය යටතේ දිනකට පරීක්ෂණ 50,000 ක් වත් කළ යුතු බව ඒ මහතාගේ මතය යි.

කොවිඩ් පළමු රැල්ලේ දී, ආදාදිතයකුගේ පළමු ,දෙවන සහ තුන්වන ආසාදිතයින් ද හඹා ගිය රජය මේ වනවිට පළමු ආශ්‍රිතයින් පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු නොකිරීමටත්, දෙවන ආශ්‍රිතයින් ගැන සොයා නොබලීමටත් චක්‍ර ලේඛයක් මගින් උපදෙස් ලබා දී තිබේ.

අහඹු කොවිඩ් පරීක්ෂණ ද නවතා  දමා තිබේ.

කොවිඩ් වැළඳී වෙනත් රෝග උත්සන්න වීමෙන් මියයන අය කොවිඩ් මරණ ලෙස නොසැලකීමට තීරණය කොට ඇති අතර එදින ම තහවුරු කර ගන්නා කොවිඩ් මරණ පමණක් නිල ලැයිස්තුවට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

එලෙස කොවිඩ් ආසාධිත සංඛ්‍යා සහ මරණ සංඛ්‍යා සාර්ථක ලෙස පාලනය කිරීමේ ක්‍රියාමාර්ගයක රජය නියැලී සිටින බව සෞඛ්‍ය අංශ කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *