තවත් කොවිඩ් මරණ 41 ක් ; ආසාදිතයින් 1850 ක්

ඊයේ දිනයේ සිදු වූ බව කියන කොවිඩ් ආසාදිත මරණ 41 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද තහවුරු කොට ඇත.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව නිල වශයෙන් වාර්තා වන්නේ 2985 ක් වශයෙනි.

නව කොවිඩ් ආසාදිතයින් 1850 දෙනෙකු අද දිනයේ අලුතින් හඳුනාගත් බව ද නිල වශයෙන් නිවේදනය කොට තිබේ.

එම නිල සංඛ්‍යා ලේඛන අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 255,468 ක් වශයෙනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *