හිටපු ජනපති මෛත්‍රී ඇමතිකමක් ඉල්ලුවෙත් නෑ – ගන්නෙත් නෑ කියයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රජයේ ඇමති තනතුරක දිවුරුම් දෙන බවට පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

හිටපු ජනාධිපතිතුමා රජයේ කිසිදු තනතුරක් ඉල්ලා නැති බවත්, කිසිදු තනතුරක් භාර ගැනීමට සුදානමක් නැති බවත්, එම නිවේදනයේ සඳහන් වෙයි.

ලබන සතියේ බැසිල් රාජපක්ෂ මහතාට ඇමැති ධුරයක් ලබා දීමට කරන කැබිනට් සංශෝධනයේ දී හිටපු ජනාධිපතිවරයාට සහ ශ්‍රීලනිප තවත් මන්ත්‍රීවරුන්ට ඇමති ධුර හිමිවන බවට මාධ්‍ය වාර්තා පළ වී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *