ජුලි හත පසුකර බැසිල් මැතිසබයට එයි !

ජුලි හත පසුකොට ලබන ජුලි අට වැනි දා බැසිල් රාජපක්ෂ මහතා මැතිසබයේ දිවුරුම් දෙනු ඇති බව තතු දත් ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ මහතා ජුලි 6 දා දිවුරුම් දීමට කලින් අදහස් කොට තිබුන ද නැකත් ප්‍රශ්නයක් මත එම දිනය වෙනස් කොට ඇති බව කියති.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු යාම සඳහා ඉල්ලා අස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් ම කැමැත්ත පල කොට ඇති නමුත්, මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා ඉල්ලා අස්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කියති.

බැසිල් වෙනුවෙන් ඉල්ලා අස්වන්නේ කවුරුන් වුව ද , එම තැනැත්තාට රජයේ හෝ විදේශ සේවයේ ඉහළ තනතුරක් හිමිවනු ඇති බව ද, වැඩි දුරටත් වාර්තා වෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *