පොළොවේ පය ගසා නැති අයගේ උපදෙස් ගත් ආණ්ඩුව අමාරුවේ වැටිලා  ; දැන් නම් ගොඩගන්නත්  අමාරුයි – පුජ්‍ය බෙන්ගමුවේ නාලක හිමි

පොළොවේ පය ගස නැති උදවියගෙන් උපදෙස් ගැනීම නිසා ආණ්ඩුව අමාරුවේ වැටී ඇති බවත්, රටේ දැන් සිදුවන දේ දැක්කාම තමන් වහන්සේගේ ද ඇස්වලට කඳුළු උනන බවත්, එසේ වුවත්, තමන් වහන්සේට ද දැන් කළ හැකි දෙයක් නැති බවත්, ජාතික සංවිධාන සම්මේලනයේ කැඳවුම්කරු බෙන්ගමුවේ නාලක නායක ස්වාමීන් වහන්සේ අද ප්‍රකශ කළහ.

තමන් වහන්සේලා කියන දේට ආණ්ඩුව දැන් ඇහුන්කන් නොදෙන බව කී උන් වහන්සේ වැඩි දුරටත් පැවසුවේ පොළොවේ පය ගස නැති අයගෙන් උපදෙස් ගෙන ආණ්ඩුව දැන් අමාරුවේ වැටී ඇති බව යි.

නිදහස ලබන විට ආසියාවේ දෙවනියට සිටි ශ්‍රී ලංකාව මේ වනවිට අන්තිම පහළට වැටී ඇති බව කී නාලක ස්වාමීන් වහන්සේ මේ රට ගොඩ ගත හැකි රටක් බවද පැවසුහ.

අද කොළඹ පැවතී මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ අදහස් ප්‍රකාශ කළහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *