පොහොට්ටුවේ ප්‍රකාශකයින් දැන් කියන්නෙත් ජනාධිපති ෆේල් බවයි – සජබ මන්ත්‍රී මුජිබර් රහමන්

පොහොට්ටුවේ ප්‍රකාශකයින් ද, අද කියන්නේ ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාගේත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේත්, පාලනය ෆේල් වී ඇති බව යයි සමගි ගැන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර රහමන් මහතා ප්‍රකාශ කරයි. ඔවුන් දැන් කියන්නේ බැසිල්  හිටියා නම් මෙහෙම වෙන්නේ  නැති බව යයි කී ඒ මහතා කීවේ, එයින් කියවෙන්නේ ජනාධිපතිගේ සහ අගමැතිගේ පාලනය ෆේල් බව යයි පෙන්වා දුන්නේ ය.

අද කොළඹ පැවතී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කීවේ, අසාර්ථක වී ඇති පාලනය ගොඩ ගන්න බැසිල් ගෙනෙන්නට පොහොට්ටු කණ්ඩායම කටයුතු කළ ද , දැන් රට වැටී ඇති අඝාධයෙන් ගොඩ ගන්න කිසිදු රාජපක්ෂ වරයෙකුට බැරි බව යි.

ජනාධිපතිවරයා ජනතාව අමතා ඊයේ කළ කතාවේ දී සෞභාග්‍යයේ දැක්ම නැවත කියෙව්වා මිස ජනතා ප්‍රශ්නවලට විසඳුමක් ඉදිරිපත් නොකළ බව ද, මුජිබර රහමන් මහතා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *