පෞද්ගලික අරමුණු ඉටු නොවූ පිරිසක් විරසක වී මා අසාර්ථක යයි ජනගත කරමින් සිටිනවා – ජනාධිපති

තමා ජනාධිපති වීමෙන් පසු තම තමන්ගේ  පෞද්ගලික අරමුණු ඉටු නොවූ පිරිසක් තමා සමග අමනාප වී තමා අසාර්ථක යයි ජනගත කරමින් සිටින බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා අද ජාතිය අමතා ප්‍රකාශ කළේ ය.

තමා බලයට පත්වන්නට පෙර කිසිවකු තමාගෙන් පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමට ඉල්ලීම් නොකළ බවත්, එදා ඉල්ලා සිටියේ රටේ පොදු අරමුණු ඉටුකිරීම බවත්,  ජනාධිපතිතුමා කීවේ  ය.

අද මාධ්‍ය ඔස්සේ ජාතිය අමතමින් පැයකට වඩා දිගු කතාවක් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

කල් තබා පටිගත කොට විකාශය කළ මෙම කතාව මගින් රටේ දැන් සිදුවන සංවර්ධන කටයුතු පිළිබඳව දිගු විස්තරයක් කරමින් ජනාධිපතිතුමා කීවේ දුෂ්කරතා ආවත් භාරගත් වගකීම ඉටු කිරීමට තමා කැප වී සිටින බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *