රනිල් වික්‍රමසිංහ ගේ කතාව සුපිරි ය – රජිත් කීර්ති තෙන්නකෝන්

  1. ආණ්ඩුවේ දේශපාලන අර්බුදය කෙටියෙන් සරළ පැහැදිලිව රනිල් අද කිව්වේය. ජනවරම තියෙන්නේ කැබිනට් මණ්ඩලයට — කැබිනට් මණ්ඩලය (ඇමතිවරු) මේ අර්බුදයට විසඳීමට මැදිහත්විය යුතුය. කැබිනට් මණ්ඩලයෙන් පිට ගජ මිතුරු කණ්ඩායම් හරහා ප්‍රශ්න විසඳිය නොහැකිය.
  2. අමාත්‍යාංශ ලේකම්වරුන්ට උඩින් දෙපාර්තමේන්තු ප්‍රධානීන් තැබීම නොකළ යුතුය. යුධ හමුදාව දෙපාර්තමේන්තුවක් මිස රටේ සියලුම පරිපාලන කාර්යය සඳහා මැදිහත්වන තනි පුද්ගල හමුදා පාලනයකින් රටට යහපතක් වෙන්නේ නැත. (තැන තැන ස්ථානගත කර ඇති හමුදා නිලධාරීන් නිසා සිවිල් රාජ්‍ය පාලනය සිඳුවන්නේ නැත)
  3. ආර්ථික අර්බුදයට විසඳුම ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හරහා ආර්ථික ප්‍රතිසංස්කරන ව්‍යාපාරයකින් මිස රටේ සම්පත් රට රටවල්වලට කෑලි කෑලි විකිණීමෙන් නොවේ.

සරළය. නිරවුල්ය. පැහැදිලිය.

නමුත්, හමුදාකරණයට විරැද්ධව, ගජමිතුරන්ට විරුද්ධව, දැක්මත් සහිත ආර්ථික විකල්පයක් යෝජනා කිරීමට පසුගිය මාස 10 පුරාම පාර්ලිමේන්තුවට හැකියාවක් තිබුණේ නැත. ආණ්ඩු පක්ෂයේ ලණු වල එල්ලී ජයප්‍රිය දේශපාලනය වෙනුවට ප්‍රතිපත්ති විවේචණයක් රනිල් අද කරලියට ගෙනාවේය.

රනිල් පරාජය කරන්නට වසර 10 ක් අප දැරූ උත්සහය පසුගිය මහා මැතිවරණයේ දී සාර්ථක විය. තනි පුද්ගලයෙකු වන රනිල් ට පාර්ලිමේන්තුවේ අද තිබෙන විහිළු සහගත හැසිරීමට විකල්පයක් විිය හැකි බව අද ඔහු විනාඩි කිහිපයකින් ඔප්පු කළේය. ඉලක්කගත ඒ ප්‍රහාරය සවිමත්ය. තාර්කිකය.

2002 ට පෙර සිටි රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේ දුටිමි. අදත් – හෙටත් කුමන විවේචන ඇතත් අද කළ වැඩේ නම් වසරක් පුරා වල්මත්ව තිබූ පාර්ලිමේන්තුවට ඇස්වැසිල්ලකි. ජයවේවා!

රජිත් කීර්ති තෙන්නකෝන්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *