කොවිඩ් මරණ 2,800 පනී; ආසාධිත සංඛ්‍යාව 248,000 පනී

අද දවසේ වාර්තා සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,800 ඉක්මවා ගිය අතර මුළු ආසාදිතයින් සංඛ්‍යාව 248,000 ඉක්මවා ගියේ ය.

අද දවසේ නිකුත් කළ මරණ වාර්තාවට ඊයේ සිදු වූ මරණ 45 ක් ඇතුළත් වී ය.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 2,814 ක් වශයෙනි.

අද දිනයේ අලුතින් වාර්තා වූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1,917 ක් ලෙස වාර්තා වී ය.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 248,008 ක් වශයෙන් ගණන් බලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *