රාමේශ්වරම් සිට තලෙයිමන්නාරම දක්වා පාරක් හදන්න ඉන්දියාව එක පයින් !

පෝක් සමුද්‍ර හන්දිය හරහා ශ්‍රී ලංකාවට මාවතක් ඉදිකිරීමට ඉන්දීය මධ්‍යම රජය කැපවී ක්‍රියා කරන බව එරට මධ්‍යම රජයේ පොන් රාධක්රිශ්නන් ඇමතිවරයා ප්‍රකාශ කල බව ද හින්දු පුවත්පත වාර්තා කොට ඇත . රාමේශ්වරම් සිට තලෙයිමන්නාරම දක්වා ඉදිවන මෙම මාර්ගය සදහා සැලසුම් මුල් අදියරේ පවතින බවත් එයට ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලැබෙනු ඇතයි විශ්වාස කරන බවත් ඒ මහතා ප්‍රකාශ කොට ඇත .

මෙම මාර්ගයේ කොටසක් පාලමක් ලෙසද තවත් කොටසක් මුහුද යට උමන් මාවතක් ලෙසත් ඉදිකිරීමට  නියමිත බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *