මිනීමැරුමකට වරදකරු වූ දුමින්ද සිල්වාට හිතුවක්කාර ලෙස සමාව දුන්නාට දේශීය , විදේශීය විරෝධතා රැසක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු තිදෙනෙකු ඝාතනය කිරීමට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි දුමින්ද සිල්වා මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් දේශීය වශයෙන් මෙන් ම ජාත්‍යන්තර වශයෙන් ද විරෝධතා එල්ල වෙමින් පවතියි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ප්‍රකාශකොට ඇත්තේ මෙය රජය නීති අවභාවිත කිරීම ගැන තවත් උදාහරණයක් බව යි.

දිගු කලක් නඩු නැතිව රඳවාගෙන සිටි සිරකරුවන් පිරිසක් නිදහස් කිරීම සාධාරණය ඉටු කිරීමක් වුව ද, ඒ සමග මරණීය දණ්ඩනයට නියම වූවකුට හිතුවක්කාර ලෙස නිදහස දීම වැරදි බව මෙරට ඇමෙරිකානු තානාපතිනිය පණිවිඩයක් නිකුත් කරමින් කියයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රශ්න කරන්නේ සිරකරුවකුට නිදහස දීමේ දී අනුගමනය කළ යුතු නීත්‍යනුකුල ක්‍රමවේදය අනුගමනය නොකර හිතුවක්කාර ලෙස සමාව ලබා දීම පිළිබඳව ය.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ද ජනාධිපති සමාව ප්‍රශ්න කරමින් නිවෙදන නිකුත් කොට ඇත.

සියලු විරෝධතා මගින් කියන්නේ මෙය අධිකරණයේ ආධිපත්‍යයට එල්ල කළ ප්‍රහාරයක් බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *