මරණීය දඩුවමට නියම වී සිටි දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කරයි

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනය කිරීඒමට වැරදිකරු වී  මරණීය දණ්ඩනය නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා ජනාධිපති පොදු සමාව යටතේ අද උදෑසන නිදහස් කළ බව බන්ධනාගාර කොමසාරිස් පාලන මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කරයි.

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් දුමින්ද සිල්වා මහතා ඇතුළු සිරකරුවන් 94 දෙනෙක් ජනපති සමාව යටතේ අද  නිදහස ලබා ඇත.

නිදහස ලැබූ අනෙක් සිරකරුවන් අතර සුළු වැරදි සඳහා සිරගත වුවන් 77 ක් සහ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ දිගු කලක් නඩු නොමැතිව සිරගතව සිටි 16 දෙනෙකු ද වන බව කියති

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතන සිද්ධියට අදාළව දුමින්ද සිල්වා මහතාට මරණීය දණ්ඩනය නියම වූයේ ඉකුත් 2016 වර්ෂයේ සැප්තැම්බර් මස 08 වැනිදාය.

පළාත් පාලන මැතිවරණයක්  පවතින අතරවාරයේ  භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුලූ සිව් පුද්ගල ඝාතනය මුල්ලේරියාවේ දී සිදුවූයේ ඉකුත් 2011 ඔක්තෝම්බර් මස 11 වැනිදා ය. එහිදී දුමින්ද සිල්වා මහතා ඇතුලූ 13 දෙනක්  එම නඩුවේ විත්තිකරුවෝ  ලෙස චදන ලබා මරණීය දණ්ඩනයට නියම වුහ.

දුමින්ද සිල්වා ඇතුළු පිරිස අභියාචනයක් ඉදිරිපත් කළ ද ශ්‍රේෂ්ඨාධිකරණය ද ඔවුන්ගේ මරණ දඬුවම තහවුරු කළේ ය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *