රනිල් පාර්ලිමේන්තු යැව්වේ සියලු පක්ෂ සමගි කරන්නයි – එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන

එක්සත් ජාතික පක්ෂය තම නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට යැව්වේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ ජාතික ප්‍රතිපත්තියක් වටා  සමගි කිරීමට බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පැවසීය. අද රට මුහුණ දී තිබෙන අර්බුදය හමුවේ රට බේරා  ගැනීමට සියලු පක්ෂ එක්සත් ක්‍රියාමාර්ගයකට එළඹීම අවශ්‍ය බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.

ඊයේ සිරිකොත මන්දිරයේ දී මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවක දී ඒමහත මේ අදහස් පල කළේ ය.

එහි දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් පක්ෂයේ ප්‍රධාන ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරන්නට මිස විපක්ෂ නායක කරන්නට වුවමනාවක් පක්ෂයට නැති බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *