තවත් කොවිඩ් මරණ 65ක් ; ආසාදිතයින් 2205 ක්

තවත් කොවිඩ් මරණ 65 ක් අද දිනයේ වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2769 ක් දක්වා ඉහළ ගියේ ය.

අද අලුතින් හඳුනාගත් බව වාර්තා වූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2205 කි.

මෙරටින් හමු වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව නිල වශයෙන් වාර්තා වන්නේ 246,091 ක් වශයෙනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *