රනිල් දිවුරුම් දී වජිර සමග අභයාරාමයට ගොස් මුරුත්තෙට්ටුවේ හිමි බැහැ දකිති ; ඇල්ලේ හිමියනුත් හමු වෙලා !

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් අනතුරුව නාරාහේන්පිට අභයාරාමයට ගොස් පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන දීර්ඝ සාකච්ඡාවක් නියැලුණු බව වාර්තා වෙයි.

මෙම අවස්ථාවට එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.

මෙහි දී මුරුත්තෙට්ටුවේ හිමියන් රටේ පවතින අයහපත් තත්ත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වී ඇති අනතුර පිළිබඳව දීර්ඝ ලෙස කරුණු දක්වා තිබේ.

මෙම තත්ත්වය තුළ රටේ ප්‍රධාන සියලු පක්ෂ දිගුකාලීන ජාතික ප්‍රතිපත්තියකට එකඟත්වයක් ඇතිකර ගැනීමේ වැදගත්කම ගැන ද සාකච්ඡා වූ බව දැනගන්නට ඇත.

මීට පෙර පසුගිය සඳුදා රනිල් වික්‍රමසිංහ මහතා සහ වජිර අබේවර්ධන මහතා කොළඹ බෞද්ධාලෝක මාවතේ ධර්මායතනයට ගොස් පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ද බැහැ දැක දීර්ඝ සාකච්චාවක නියැලී ඇත. පැය දෙකක් පමණ පැවතී එම සාකච්ඡාවේ දී ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග ගැන ද අදහස් හුවමාරු වූ බව කියති.

මීට පෙර ‘යුක්තිය’ මගින් හෙළිදරව් කළ පරිදි මන්ත්‍රී ධුරය භාරගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා එයට කැමැත්ත පළ කළේ වජිර අබේවර්ධන, එම් ඒ සුමන්තිරන් මහත්වරුන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හමු වී කළ සාකච්ඡාවකින් පසුව ආනන්ද හිමියන් ඇතුළු  සංඝයා වහන්සේලාගෙන් ලැබුණු ඉල්ලීමක් අනුව ය.

මෙම සාකච්ඡා බොහොමයක් සංවිධානය කරන ලද්දේ පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා විසින් බව කියති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *