“පාර්ලිමේන්තුවට ලැබුණු ජනවරම ක්‍රියාත්මක කොට නැහැ “ ; රට මිලිටරිකරණය ගැන රනිල් විවාදයක් ඉල්ලයි

පාර්ලිමේන්තුවට ලැබුණු ජනවරම හරියට ක්‍රියාත්මක කොට නැති බවත්, රට මිලිටරිකරණයට ඉඩ හැර ඇති බවත්, කියමින් රජයට චෝදනා කළ එජාප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ජනවරම ක්‍රියාත්මක නොකිරීම ගැන පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බව අද පාර්ලිමේන්තුවේ කළ කතාව මගින් ඉල්ලා සිටියේ ය.

රට පාලනය කළ යුත්තේ කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව බව කී රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය තම බලය ක්‍රියාත්මක නොකර මිලිටරිකරණයට ඉඩ හැර ඇති බව ද පැවසී ය.

මේ මොහොතේ රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බව කි වික්‍රමසිංහ මහතා එයට මුහුණ දෙන ආකාරය රජය රටට හෙළිකොට නැති බව ද කී ය.

මෙම ආර්ථික අර්බුදය හමුවේ රජය වහාම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආධාර ලබාගත යුතු බව ද ඒ මහතා පෙන්වා දුන්නේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *