රනිල් පාර්ලිමේන්තු එන්නේ කුමක් කරන්න ද? – සී ජේ අමරතුංග

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම අද උදේ සිදුවී ය. ඔහුගේ පාර්ලිමේන්තු පැමිණීම පිළිබඳව නොයෙකුත් අදහස් පළවන්නට පටන් ගෙන තිබේ. සමහර වාර්තා වලින් කියන්නේ ඔහු එන්නේ ලොකු පෙරළියකට බව යි. තවත් සමහරු කියන්නේ ඔහුගේ පැමිණීම මේ මොහොතේ අවශ්‍යතාවයක් බව යි. ඒ අතර තවත් පිරිසක් කියන්නේ පරාජිතයකු වූ ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීමට අයිතියක් නැති බව යි. ඒ අතර, ඔහුට බැන වදින කණ්ඩායමක් ද අන්තර් ජාලය තුළ ක්‍රියාත්මක ය. එය කොතෙක් දුරට අව්‍යාජ කණ්ඩායමක් ද, නැතහොත් දේශපාලන වශයෙන් මෙහෙයවන කණ්ඩායමක් ද යන්න පැහැදිලි නැතත්, එම ප්‍රතිචාරයෙන් පෙනෙන්නේ ද රනිල් විශාල බලයක් ලෙස පිළිගෙන ඇති බව යි. තනි මන්ත්‍රීවරයකුගේ දිවුරුම් දීමක් ගැන මෙතරම් කලබල වූ වෙනත් අවස්ථාවක් ඉතිහාසයේ තිබුණා දැයි අපි නොදනිමු.

එකසත් ජාතික පක්ෂය මෙරට ප්‍රධාන පක්ෂ දෙකෙන් ඒකක්ව තිබිණී. එය මෙරට පැරණි ම දේශපාලන පක්ෂය යි. එසේ වුව ද, එයට පසුගිය මැතිරණයේ දී හිමි වුයේ අන්ත පරාජයකි. දිස්ත්‍රික් මට්ටමින් එක් මන්ත්‍රී ආසනයක්වත් දිනා ගැනීමට එයට හැකි වුයේ නැත. මුළු රටින් ම එයට ලැබුණේ ඡන්ද දෙලක්ෂ පනස් දහසකි. ඔවුන්ට ලැබුණේ ජාතික ලැයිස්තුවෙන් ලැබුණු එක් මන්ත්‍රී ධුරයක් පමණකි. දැන් රනිල් දිවුරුම් දෙන්නට යන්නේ ලක්ෂ දෙක හමාරක් ඡන්ද දායකයා වෙනුවෙන් ලැබුණු එම එක ම මන්ත්‍රී ධුරයෙහි ය.

බොහෝ දෙනා කියන්නේ මෙම තත්ත්වයට පක්ෂය වැටුණේ රනිල් නිසා බව යි. සමහරු කීවේ නව නායකයකුට පක්ෂය භාර දිය යුතු බව යි. රනිල් එයට ඇහුන් කන් නොදුන් විට පාක්ෂිකයා තමන් සොයාගත් නව නායකයා සමග වෙන ම ගමනක් ගියේ ය. ඔවුන් තෝරාගත් නව නායකයා රටේ ම ජනප්‍රිය බව කියූ ජව සම්පන්න නායකයා ලෙස හැඳින් වූ  සජිත් ප්‍රේමදාස මහතා ය.

රනිල් බින්දුවට වැටෙන විට සජිත් සුළු පක්ෂ ද සමග ආසන 54 ක් ගත්තේ ය. තමන් නායකයා ලෙස වැඩ පෙන්නුවේ ය. එපමණකි.

රනිල් අර්බුදයකට මුහුණ දුන්නේ ය. ඔහු කලබල වුයේ නැත. බලා සිටියේ ය. එහි ප්‍රතිඵල අමුතුවෙන් කිව යුතු නැත. දැන් සජිත් සහ සජබ පාක්ෂිකයාට තමන්ගේ ඉරණම ගැන තීන්දු ගන්නට සිදුව තිබේ.

පාර්ලිමේන්තුවට යන රනිල් සමග මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම කළ සම්මුඛ සාකච්ඡාවේ දී ඔහු රනිල්ගෙන් ඇසු ප්‍රශනයක් නම් “ ඔබ පසුගිය මැතිවරණයේ දී සජිත්ව උගුලක හිරකළා නේදැ” යි යනුවෙනි. එම ප්‍රශ්නයේ ඇත්තක් ඇත්දැයි අපි නොදනිමු. එසේ වුව ද, එම ප්‍රශ්නය මගින් වෙනත් යථාර්ථයක් පෙන්නුම් කරන බව පැහැදිලි කරුණකි.

රනිල්, සජිත්ට නායකත්වය නොදුන්නේ ඇයි දැයි දැන් කිසිවෙකුට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. සජිත් එය වඩා හොඳින් පැහැදිලි කරමින් සිටියි.

රනිල්, සජිත්ට නායකත්වය නොදුන්නේ ඇයි දැයි දැන් කිසිවෙකුට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. සජිත් එය වඩා හොඳින් පැහැදිලි කරමින් සිටියි.

රනිල් පාර්ලිමේන්තු යාම ප්‍රශ්න කරන ඇතැමුන් කියන්නේ ජනතාව රනිල් ප්‍රතික්ෂේප කළ බව යි. එය සැලකිල්ලට ගත යුතු ප්‍රශ්නයකි. එයට හේතුව ජනතාව හැම විට ම නිවැරදි තීන්දු ගන්නා නිසා නොවේ. ජනතාව හරි තීන්දු ගත්තා නම් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගහන්නේ නැත. ප්‍රංශ මහා විප්ලවයේ නායකයින් ගිලටීනයට දක්කා මරා  දමන්නේ නැත. සොක්‍රටීස්ට වස පානය කරන්නට සිදු වන්නේ නැත.  එහෙත්, ජනතාව තීන්දුවක් දුන්නේ නම් ඒ ගැන විමසිය යුතු ය. ඒ, එම ජනතාව සිතන පතන දේ සැබවින් ම තේරුම් ගැනීම සඳහා ය.

මැතිවරණ දෙකක ප්‍රතිඵල මගින් රනිල් ප්‍රතික්ෂේප කළ ජනතාව හඳුනා ගත හැකි ය. පළමු පිරිස නම් හැට නව ලක්ෂයේ ජනතාව යි. මේ වනවිට තමන් කළ දේ දිරවා ගන්නට බැරිව ලජ්ජාවට හා කෝපයට පත්ව සිටින ජනතාව යි. තවමත් ලැජ්ජාවක් නැති සුළු පිරිසක් නොයෙකුත් දේ කියමින් එකිනෙකාට චෝදනා කරමින් සිටිති.

එකී ජනතාව ඉල්ලා සිටියේ සිංහල බෞද්ධ නායකයෙකි. රනිල් ද සිංහල බෞද්ධයෙකි. හැබැයි මේ කියන්නේ එහෙම සිංහල බෞද්ධ කමක් ගැන නොවේ. සිංහලයාගේ නාමයෙන් අනෙක් ජන කොටස් මැඩලන්නට සුදානම් නායකයෙකි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියන බෞද්ධයකු නොවේ. සිහළ සත්වයෝ පමණක් නිදුක් වෙත්වා. අනෙක් සත්වයෝ දණ ගසත්වා කියන නායකයෙකි.

එම ජනයාට ඕනෑ වුයේ හිට්ලර් කෙනෙකි. දරුණු පාලකයෙකි. දැන් ඔවුන්ට එම පාලකයා ලැබී ඇත. දැන් තරු විසි වී තිබෙන්නේ තමන් පත්කළ හිට්ලර් තමන්ට ම කෙළින්නට පටන් ගත් විට ය.

ඔවුන්ට අනුව රනිල් දේශ ද්‍රෝහියෙකි. දේශප්‍රේමය නම් රනිල්ට බැන වැදීමය. ඔහුව දේශපාලන වශයෙන් පරාජය කිරීම ය.

මේ ගැන දිගට කතා කරන්නට මේ ලිපිය මදි ය. කතා කරන්නට තරම් වුවමනාවක් ද නැත. 2005 ජනාධිපතිවරණයේ දී ප්‍රභාකරන් දුන් පිළිතුර ප්‍රමාණවත් ය.

එදා රනිල් දේශ ද්‍රෝහී කියා මොවුන් කීවේ අලි කොටි ගිවිසුමක් ගැනය. අන්තිමේ හෙළිදරව් වූ අන්දමට කොටින් සමග ගිවිසුම තිබුණේ ඊනියා දේශප්‍රේමින්ටය . ඒ රනිල් පරද්දන්නට ය. ඒ සඳහා කොටින්ට මුදල් දීම ද එම තර්ක අනුව දේශප්‍රේමී ක්‍රියාවකි. උපක්‍රමයකි.

මෙම තර්ක ක්‍රමය අනුව නම් ප්‍රභාකරන් ද දේශප්‍රේමියෙකි. ඒ දේශද්‍රෝහී රනිල් පරදන්නට දේශප්‍රේමීන්ට ආධාර කළ හෙයිණි.

එදා රනිල් දේශ ද්‍රෝහී කියා මොවුන් කීවේ අලි කොටි ගිවිසුමක් ගැනය. අන්තිමේ හෙළිදරව් වූ අන්දමට කොටින් සමග ගිවිසුම තිබුණේ ඊනියා දේශප්‍රේමින්ටය . ඒ රනිල් පරද්දන්නට ය. ඒ සඳහා කොටින්ට මුදල් දීම ද එම තර්ක අනුව දේශප්‍රේමී ක්‍රියාවකි. උපක්‍රමයකි.

මෙම තර්ක ක්‍රමය අනුව නම් ප්‍රභාකරන් ද දේශප්‍රේමියෙකි. ඒ දේශද්‍රෝහී රනිල් පරදන්නට දේශප්‍රේමීන්ට ආධාර කළ හෙයිණි.

ප්‍රභාකරන් කීවේ රනිල් භයානක සතුරෙකු බව යි. ඔහු ඊලාම් අරගලය ජාත්‍යන්තර උගුලක හිර කළ බව යි. කරුණා, පිල්ලෙයාන්, ඇතුළු දහස් ගණනක් කඩා සංවිධානය දුර්වල කළ බව යි.

තවත් කී, නොකී කතා ඇත. එසේ වුවද, අපේ ඊනියා දේශප්‍රේමී ජනයාගේ මොලය පාදන්නට ඒ කිසිවකින් බැරි ය. ඔවුන් සිටින්නේ එක්තරා මතවාදී ව්‍යාධියකය. එය නම් ජාතිවාදය යි.

රනිල් ප්‍රතික්ෂේප කළ ජනතාව යයි කියන කොටසේ ප්‍රධාන කණ්ඩායම මෙය යි. ඒ සමග රනිල්ට මතවාදී සන්ධානයක් තිබිය නොහැකි ය. එබඳු පිරිසකගෙන් ප්‍රතික්ෂේප වීම කෙනෙකුට පරාජයක් විය නොහැකි ය. එය කෙනෙකුගේ මානව වාදී ලෝක දැක්මට ලැබෙන සහතිකයකි.

හැබැයි රනිල් පාර්ලිමේන්තු පැමිණිය යුත්තේ හැමදාම මෙම ජනයාට පරදින්නට නොවේ. මෙම ඊනියා ජනයා මතවාදී සහ දේශපාලන වශයෙන් පරාජය කරන්නට ය.

රනිල් පාර්ලිමේන්තු පැමිණිය යුත්තේ හැමදාම මෙම ජනයාට පරදින්නට නොවේ. මෙම ඊනියා ජනයා මතවාදී සහ දේශපාලන වශයෙන් පරාජය කරන්නට ය.

රනිල් ප්‍රතික්ස්හප කළ  අනෙක් ජනයා නම් ඔහුගේ ම පක්ෂයේ පිරිස යි. එජාපය බින්දුවට වැටුණේ එජා පාක්ෂිකයා ගොස් වෙන ම පක්ෂයක් බිහිකර ගැනීම නිසා ය. ඔවුන් ද රනිල්ට බරපතළ අභියෝගයක්  එල්ල කළ පිරිසකි. ඔවුන් කීවේ රනිල් ආණ්ඩුව අරගෙන පාක්ෂිකයාට සැලකුවේ නැති බව යි. රැකියා නොදුන් බව යි. කොන්ත්‍රාත් නොදුන් බව යි.  ගල් වැලි පස් බලපත්‍ර නොදුන් බව යි.

ඔවුන්ට අනුව නම් රාජ්‍ය සේවය එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් පිරවිය යුතුව තිබිණි. රජයේ ආයතනවල පාක්ෂිකයන්ට සුදුසුකම් නොතකා උසස්වීම් දිය යුතුව තිබිණි.

මේ ලැයිස්තුව කියන්නට ගියොත් දිගු එකකි. එසේ කිරීම අවශ්‍ය නැත. මේ සියල්ලට රනිල් වැරදිකරු ය.

රනිල්ගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් කීවේ “ මෙයා (රනිල් ) කරන්නට යන්නේ පලවෙනි ලෝකයේ දේශපාලනයක්. මේ රටේ ඒවා හරියන්නේ නැහැ, මේක තුන්වන ලෝකයේ රටක් , මෙහෙ දේශපාලනය කරන්න ඕනෑ තුන්වන ලෝකයේ විදිහට “ යනුවෙනි.

රනිල්ගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් කීවේ “ මෙයා (රනිල් ) කරන්නට යන්නේ පලවෙනි ලෝකයේ දේශපාලනයක්. මේ රටේ ඒවා හරියන්නේ නැහැ, මේක තුන්වන ලෝකයේ රටක් , මෙහෙ දේශපාලනය කරන්න ඕනෑ තුන්වන ලෝකයේ විදිහට “ යනුවෙනි.

පාක්ෂිකයන්ට නොසැලකීමේ මෙම චෝදනාව පළමුවෙන් එල්ල වූ එජාප නායකයා රනිල් වික්‍රමසිංහ නොවේ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා යි. නුගේගොඩ වේදිකාවේ දී ලලිත් ඇතුලත්මුදලි මහතා ප්‍රශ්න කළේ “ පාක්ෂිකයන්ට සලකන්නේ නැතිව ආණ්ඩුවක් ගෙනයන්නේ කොහොමද? “ යනුවෙනි. අද රනිල් වික්‍රමසිංහ මහතාට එම චෝදනාව ම  එල්ල වන විට එම බලවේගයට නායකත්වය දුන්නේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ පුත්‍රයා ය.

කෙසේ වෙතත්, රාජ්‍ය බලය ලබාගෙන පක්ෂිකයාට සැලකීම යහපාලනයක් වන්නේ නැත. එය මහින්ද රාජපක්ෂ පාලනයේ පිළිවෙත යි. එම ආණ්ඩුව වටා පාක්ෂිකයින් සහ  හිතවතුන්  රොක් වී සිටින්නේ කපුටු රැලක් විලසිනි. විවිධ තනතුරු සහ ආයතන වෙන් කර දී තිබෙන්නේ කැමති ආකාරයට හම්බ කර ගන්නට ය.

එජාපය ද එයම කරන්නට ගියහොත් රටට ලැබෙන්නේ තවත් රාජපක්ෂ පාලනයකි. නිල් පාට ගජමිතුරු පාලනයක් වෙනුවට කොළ පාට ගජ මිතුරු පාලනයකි. පාක්ෂිකයින් නොවන ජනතාව කොතරම් සුළුතරයක් වුවත්, ඔවුන්ට නම් එබඳු පාලනයක් අවශ්‍ය නැති බව අමුතුවෙන් කිව යුතු නැත.

අනාගතයක් ඇති රටක් ගැන නැතහොත්  “ ඉන්න හිතෙන රටක් “ ගැන  හිතන්නේ නම් මෙම ක්‍රමය වෙනස් කළ යුතු ම ය. ඒ සඳහා එඩිතර ඍජු පියවර ගැනීම අවශ්‍ය ය. පාක්ෂිකයට ගල්, වැලි, පස් කපන්නට සිත් සේ ඉඩ දිය යුතු යැයි කියමින් “ ඉන්න හිතෙන රටක් “ හදන්නට බැරි ය.

රාජපක්ෂ පාලනයෙන් කාලයක් තිස්සේ බැට කෑ, එජා පාක්ෂිකයන්ට සාධාරණයක් ඉටු කිරීමේ අවශ්‍යතාවය ද බැහැර කළ නොහැකි ය. එමෙන් ම, රටට විනාශය අත්කර දෙන විනාශකාරී  දේශපාලන සංස් කෘතියෙන් ද ඉවත් විය යුතු ය. එහි දී රනිල්ට විශාල ප්‍රතිවිරෝධයකට මුහුණ දීමට සිදුව තිබේ.

එජා පාක්ෂික ජනයාගේ අභියෝගයේ යථාර්ථය එය යි.

රටට හිට්ලර් කෙනෙකු ඉල්ලන ඡන්දදායකයා හෝ තම පාක්ෂිකයන්ට වරප්‍රසාද ඉල්ලන පාක්ෂිකයා හෝ කොතරම් විශාල බහුතරයක් වුව ද, ඔවුන් රටේ සැබෑ අවශ්‍යතා නියෝජනය කරන බව පිළිගත නොහැකි ය. එසේ වුව ද, රටේ ඛේදවාචකය අප රටේ ඡන්දදායකයාගේ බහුතරය නියෝජනය කරන්නේ මෙබඳු පිරිසක් වීම යි.

රටට හිට්ලර් කෙනෙකු ඉල්ලන ඡන්දදායකයා හෝ තම පාක්ෂිකයන්ට වරප්‍රසාද ඉල්ලන පාක්ෂිකයා හෝ කොතරම් විශාල බහුතරයක් වුව ද, ඔවුන් රටේ සැබෑ අවශ්‍යතා නියෝජනය කරන බව පිළිගත නොහැකි ය. එසේ වුව ද, රටේ ඛේදවාචකය අප රටේ ඡන්දදායකයාගේ බහුතරය නියෝජනය කරන්නේ මෙබඳු පිරිසක් වීම යි.

ජනාධිපතිවරණයේ ඡන්දය නොදුන් ලක්ෂ හතලිහක පමණ ජනතාව හෝ ජනාධිපතිවරණයේ දී විපක්ෂයට ඡන්දය දී, මහා මැතිවරණයේ  ඡන්දය නොදුන්, විසි ලක්ෂයකට වැඩි ජනතාව හෝ කුමක් සිතනවා දැයි අපි නොදනිමු. එමෙන් ම , පොහොට්ටුවට හෝ දුරකතනයට හෝ ඡන්දය දුන් අය අතර ද රට ගැන වෙනත් ආකාරයකට සිතන පිරිස් සිටිය හැකි ය. ප්‍රශ්නය තිබෙන්නේ එබඳු පිරිස් යහපත් මතවාදයක් සඳහා පෙළ ගස්වා ගැනීම යි.

ඒ කෙසේ වෙතත් , රනිල්ට මේ මොහොතේ සිටින්නේ එජාපයට ඡන්දය දුන් දෙලක්ෂ පනස් දහස පමණක් යයි සිතාගෙන වැඩට බැසීම වඩා යහපත් ය.

දැන් රට ඉදිරියේ තිබෙන ප්‍රධාන අභියෝගය නම් අලුත් ආණ්ඩුවක් පත්කර ගැනීම නොවේ. හිට්ලර් පන්නයේ හිතුවක්කාර උද්ධච්ච පාලනය මගින් එය ද හදිසි අවශ්‍යතාවයක් කරමින් තිබෙන බව ඇත්තකි. එසේ වුව ද , මේ මොහොතේ අපට මුලින් අවශ්‍ය වන්නේ යහපත් ජනතාවක් පත්කර ගැනීම යි.

රටේ සුළුතර ජනයා යටපත් කරගෙන ඔවුන් මත ආධිපත්‍ය දරන හිට්ලර් පාලනයක් ඉල්ලන ජනයාගෙන් හෝ තමන්ගේ පක්ෂයේ රජයක් බලයට පත් කොට තමන්ට වරප්‍රසාද දිය යුතුයැයි සිතන ජනයාගෙන් හෝ ලැබෙන කුමන හෝ දේශපාලන තීන්දුවකින් රටට යහපතක් වන්නට තිබෙන ඉඩකඩ අල්ප ය. රටට යහපත් අනාගතයක් ලැබෙන්නට නම් යහපත්, ආත්මාර්තකමයෙන් සහ අල්ලස්කාමයෙන් තොර, රටේ අනාගතය ගැන සිතන ඡන්දදායක ප්‍රජාවක් බිහිකර ගැනීම අවශ්‍ය ය.

එබඳු ජනතාවක් බිහි නොවන තාක් කල් රටත් ජනතාවත් අගාධයේ ය.

රනිල් පාර්ලිමේන්තු පැමිණීමේ හොඳ, නරක හෝ ඔහුට කළ හැකි, නොහැකි දේ ගැන සංවාදය කළ යුතු වන්නේ මෙම යථාර්ථයට මුහුණ දෙමිණි.

ඒ කියන්නේ, දැන් වත් මේ ජනයාගේ ආකල්ප වෙනස් නොවන්නේ නම් රනිල්ට තබා “ සක්කරයාගේ පුතා වයිමාටවත් “ කිසිවක් කිරීමට නොහැකි වනු ඇති බව යි.

එම ආකල්ප වෙනස් කිරීමට කටයුතු කිරීම රනිල්ගේ නොව අප සියලු දෙනාගේ වගකීමකි.

සී ජේ අමරතුංග

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *