රනිල් හෙට ආණ්ඩු පක්ෂයේ දිවුරුම් දී විපක්ෂයේ අසුන් ගනී

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය පැත්තෙන් සභා ගැබට ඇතුළු වී දිවුරුම් දිය යුතුව ඇතැයි ඒ මහතා මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කොට ඇත.

පසුව ඒ මහතා විපක්ෂය පැත්තට ගොස් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව තමාට පනවා ඇති අසුනේ අසුන් ගනු ඇත.

පක්ෂ නායකයින්ට හිමිවන ඉදිරි පෙලේ අසුනක් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් වෙනකොට ඇති බවත්, එය ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාට යාබද අසුන බවත්, වාර්තා වී ඇත.

මන්ත්‍රීවරයකු අලුතින් දිවුරුම් දීමේ දී කතානායක තුමාගේ දකුණු පසින් පැමිණ දිවුරුම් දීමේ සම්ප්‍රදාය අනුව වික්‍රමසිංහ මහතාට ආණ්ඩු පක්ෂය පැත්තෙන් පැමිණ දිවුරුම් දීමට සිදුවනු ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *