ශ්‍රී ලන්කන් එයාර් ගොඩගන්න කුවේට් එයාර් සමග සාකච්චා

එමිරේට්ස් එයාර් පාලනය යටතේ ලබා ලබමින් තිබියදී රජයට පවරාගෙන පාඩු ලබන තත්ත්වයට පත්කොට ඇති ශ්‍රී ලන්කන් එයාර් ගුවන් සමාගමේ කළමනාකරණය භාරදීම සදහා රජය කුවේට් එයාර් ගුවන් සමාගම සමග සාකච්චා ආරම්භ කොට ඇති බව තතුදත් ආරංචි මාර්ග කියයි .එමිරේට්ස් සමාගම සමග තිබු ආකාරයේ ගිවිසුමක් ඇතිකර ගැනීම රජයේ අරමුණ වී ඇත . ඒ අනුව ශ්‍රී ලන්කන් එයාර් සමාගමේ කොටස් ප්‍රමාණයක් ද කුවේට් එයාර් සමාගමට ලබාදෙනු ඇත .

හදිසි කටයුත්තක් ලෙස සලකා මාස කිහිපයක දී මෙම ගනුදෙනුව අවසන් කිරීමට නියමිත බව කියති .

ශ්‍රී ලන්කන් එයාර් සමාගම පවත්වාගෙන යාමට භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදීම ලබන ඔක්තෝබර් මාසයෙන් අවසන් කරන බව ආණ්ඩුව සමාගමට දැනුම් දී ඇත .

මේ වනවිට සමාගම ඩොලර් බිලියනයක් පමණ ණය වී ඇත . පසුගිය සමයේ ගත්  මෙම ණය ගෙවීමට ඇප වී ඇත්තේ ශ්‍රී ලංකා රජයයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *