චීනයත් සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් මෙම වසර අවසානයට පෙර අත්සන් කරන්න පියවර

ඉන්දියාව සමග අත්සන් කොට ඇති නිදහස් වෙළෙඳ ගිවිසුමට සමාන වෙළෙඳ ගිවිසුමක් චීනය සමග අත්සන් කිරීම මෙම වසර අවසානයට පෙර නිම කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මලික් සමරවික්‍රම ඇමතිවරයා ඇතුළු කණ්ඩායමකට උපදෙස් දී ඇති බව වාර්තා වෙයි . අගමැතිවරයා චීනයේ කල සංචාරයේදී ඇතිකරගත් එකගත අනුව මෙම ගිවිසුම සකස් කෙරෙනු ඇත .

මේ අතර මත්තල ගුවන් තොටුපල හම්බන්තොට වරයා හා නොරච්චෝලේ විදුලි බලාගාරයට චීනයෙන් ලබාදී ඇති ණය වෙනුවට එම ව්‍යාපෘති වල කොටස් ප්‍රමාණයක හිමිකම ඔවුන්ට ලබාදී ඒවා හවුල් ව්‍යාපාර ලෙස සංවර්ධනය කිරීමට ද සැලසුම් සකස් කරන ලෙස අගමැතිවරයා උපදෙස් දී ඇත . බිලියන අටක් පමණ වන මෙම ණය ගෙවීමේ ප්‍රශ්නයත් , අදායම් නොලබන සුදු අලින් බවට පත්ව ඇති ව්‍යාපෘති අදායම් ලබන තත්ත්වයට පත්කර ගැනීමත් යන අරමුණු දෙකම ඉටුකර ගැනීමට මෙමගින් හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *