වසංගත රෝග අංශ ප්‍රධානියා ඉවත් කළේ රට අරින්න විරුද්ධ වූ නිසා !

වසංගත රෝග අංශයේ ප්‍රධානි සුදත් සමරවීර මහතා ඉවත් කරන ලද්දේ වසංගත තත්ත්වය පාලනය නොවී තිබිය දී රට විවෘත කිරීමට ඔහු කැමැත්තක් නොදැක්වීම නිසා බව සෞඛ්‍ය සේවයේ තතු දත් ආරංචි මාර්ග කියයි.

රට විවෘත කිරීම තවත් සතියකින් වත් දීර්ඝ කළ යුතුය යන්න සුදත් සමරවීර ඇතුළු විශේෂඥ වෛද්‍ය වරුන්ගේ මතය වූ බව කියති.

අපේ ආරංචි මාර්ග කියන්නේ 21 දා රට විවෘත කිරීමට තීරණයක් ගැනීම සඳහා ඔහු එම වගකීම්වලින් ඉවත් කළ බව යි.

පසුගිය ජුනි 14 දා රට විවෘත කිරීමේ ආණ්ඩුවේ උත්සාහය වැළකී ඇත්තේ ද සුදත් සමරවීර මහතා ඇතුළු පිරිස එයට විරුද්ධ වූ නිසා ය.

ආණ්ඩුව රට විවෘත කිරීම වැලක්වීමට, සුදත් සමරවීර මහතා ඇතුළු පිරිසක් කුමන්ත්‍රණකාරී ලෙස වසංගත දත්ත වැඩි කොට සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන බවට, වෛද්‍ය පාදෙණිය ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිතුමාට කේලාම් කියා ඇති බව ද වාර්තා වී ය.

මෙහි දී , රට විවෘත කිරීමට තත්ත්වයක් නැති බව රටට කියන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රට විවෘත කිරීම වැලක්වීමට විශේෂඥ වෛද්‍යවරුන් මරණ සංඛ්‍යා වැඩි කොට පෙන්වීමේ කුමන්ත්‍රණයක  යෙදී සිටින බව ජනාධිපතිට කියමින් ඩබල් ගේමක සිටින බව ද අපගේ ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.

රට විවෘත කිරීමට පමණක් නොව පවතින සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා ගැන ද , විශේෂඥ වෛද්‍යවරුන්ගේ විවේචනයක් ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *