ඇස්ට්‍රා සේනිකා එන්නත් ලබාදෙන්නැයි ජනාධිපති කළ ඉල්ලීමට ජපානයෙන් තවම ප්‍රතිචාරයක් නැහැ – රාජ්‍ය ඇමති චන්න ජයසුමන

ශ්‍රී ලංකාවට ඇස්ට්‍රා සේනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ලබාදෙන ලෙස ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ජපාන අගමැතිවරයා ගෙන් පසුගිය ජුනි 9 දා කළ ඉල්ලීමට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කොට ඇත.

ඒ මහතා මෙම ප්‍රකාශය කළේ ජනාධිපතිගේ ඉල්ලීමට ජපාන අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බවට ජනාධිපති මාධය  අංශය නිකුත් කොට තිබු නිවේදනයක් සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය පිළිබඳව මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු වශයෙනි.

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවක්ස් වැඩ පිළිවෙල යටතේ ඇස්ට්‍රා සේනිකා එන්නතේ මාත්‍රා 264,000 ක් ලබන මස මුල දී මෙරටට ලැබීමට නියමිත බව ද ඒ මහතා කී ය.

මෙරට ඇස්ට්‍රා සේනිකා පළමු මාත්‍රාව ලබාගත් පිරිසට දෙවන මාත්‍රාව ලබා දීමට එන්නත් මාත්‍රා ලක්ෂ හයක අවම අවශ්‍යතාවයක් පවතියි.

මේ අතර ජපානය වියට්නාමයට ඇස්ට්‍රා සේනිකා එන්නත් මාත්‍රා ලක්ෂ දහයක් පසුගිය දා පරිත්‍යාග කළේ ය.

ජපානය සතුව තවත් එන්නත්න්තෝග ඇති බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *