රනිල්ගේ පාර්ලිමේන්තු ගමනේ අවසන් තීන්දුව අභයාරාමයේ දී ; වජිරත්, සුමන්තිරනුත් මුරුත්තෙට්ටුවේ හිමි හමුවෙලා !

පාර්ලිමේන්තුවට පිවිසෙන ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඉල්ලීම් තිබුණත්, එය  පැමිණීම තහවුරු වුණේ නාරාහේන්පිට අභයාරාමයේ පැවතී සාකච්ඡාවක ප්‍රතිඵල වශයෙන් බව අපගේ දේශපාලන ආරංචි මාර්ග කියයි.

පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය තුළ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව එහි දී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පෙන්වා දී ඇති බව කියති. රජය තුළ කලකිරීමට ලක්ව සිටින පිරිස්වල ආධාරය රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවනු ඇතැයි ද එහි දී සහතිකයක් ලැබී ඇතැයි  කියති.

මුරුත්තෙට්ටුවේ හිමි සමග පැවතී මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා සමග දෙමළ ජාතික සන්ධානයේ එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා ද සහභාගී වී තිබීම විශේෂත්වයකි.

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, හිතුවක්කාර, විනාශකාරී පිළිවෙත නිසා ගැටුමකට ගොස් සිටින විමල් වීරවංශ, උදය ගම්මන්පිල කණ්ඩායම සහ දෙමළ ජාතික සන්ධානය අතර මතභේද පසෙක ලා මේ අවස්ථාවේ යම් පොදු වැඩ පිළිවෙළකට එකඟතාවයක් ඇතිකර ගැනීම මෙම සාකච්ඡාවන්ට සුමන්තිරන් මහතා හවුල් කර ගැනීමේ පදනම විය හැකි බව අපේ ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *