අගමැති චීනයට යද්දී ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඉන්දියාවේ

3983ae1587b96ef8688ac110098d6746_Lඅගමැති රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ සංචාරයක සංචාරයක නිරතව සිටියදී ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඉන්දියාවේ නිල සංචාරයක යෙදෙමින් දෙරටේ ආරක්ෂක අංශ අතර සබදතා තරකර ගැනීම ගැන සාකච්චා පැවැත්වූ බව වාර්තා වෙයි .

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා ඉන්දියානු ප්‍රධාන මාණ්ඩලික කමිටු සභාපති සහ ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් අරුප් රාහා (Arup Raha ) මහතාගේ ආරාධනයකට අනුව පසුගිය  03 වන දින සිට 08 වන දින දක්වා  ඉන්දියාවේ  නිල සංචාරයක නිරත විය.

මෙහිදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි විසින් මියගිය රණවිරුවන් සිහිකිරිම සඳහා ඉන්දීයා ගේට් හී රණවිරු ස්මාර්කයට පුෂ්පෝපහාර පිරිනැමිමෙන්  අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හට ත්‍රිවිධ හමුදා ගෞරව සම්මාන මුරයක් පිරිනැමිම සිදුවිය.

මෙම සංචාරයේදී ඉන්දියානු ආරක්ෂක ඇමති මනෝහර් පර්රිකාර් ( Shri Manohar Parrikar ) මහතා , ජාතික ආරක්ෂක උපදේශක අජිට් ඩොවාල් ( Shri Ajit Doval  ) මහතා , ප්‍රධාන මාණ්ඩලික කමිටු සභාපති සහ ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් අරුප් රාහා (Arup Raha ) සහ හමුදා ප්‍රධානින් සමඟ සාකච්ඡාවන්හී  නිරත විය.

දෙරට අතර දිර්ඝකාලීන සබඳතා වැඩිදියුණු කිරිම හා කාලාපිය ආරක්ෂාව පිළිබඳව  මෙහිදී සාකච්ඡාවට ලක් විය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *