ජනාධිපති ඉල්ලුවත් ශ්‍රී ලංකාවට නොදුන් ඇස්ට්‍රා සේනිකා එන්නත් ලක්ෂ දහයක් ජපානය වියට්නාමයට දෙයි

ඇස්ට්‍රා සේනිකා කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ දහයක් ජපානය විසින්  වියට්නාමයට පරිත්‍යාග කරනු ලැබ ඇති බව වාර්තා වෙයි.

දෙරට අතර විස්තීරණ උපායමාර්ගික සහයෝගිතාවය අනුව ජපානය මෙම පරිත්‍යාගය වියට්නාමය වෙත ලබා දී ඇති බවත්, ඉන් මාත්‍රා  800,000 ක් වෛරසය තදින් පැතිරී යන හෝ චි මින් නගර වැසියන්ට ලබා දෙනු ඇති බවත්, හෝචි මින් නගරයේ ජපාන කොන්සියුලර් ජෙනරාල් නොබුහිරෝ වටනබේ මහතා ප්‍රතාශ කොට ඇත.

වියට්නාම් ප්‍රවෘත්ති සේවා උපුටා දක්වමින් ‘ඉකොනොමි නෙක්ස්ට්’ වෙබ් අඩවිය මෙම කරුණු අනාවරණය කොට තිබිණි.

ශ්‍රී ලංකාවට ඇස්ට්‍රා සේනිකා එන්නත ලබාදෙන ලෙස ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ජපාන අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව සහ එයට යහපත් ප්‍රතිචාර ලැබුණු බවට ජනාධිපති මාධ්‍ය අංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට එන්නත් ලබා දෙන බවක් ජපානය මේ වනතෙක් ප්‍රකාශ කොට නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *